එටිසලාට්‌ ගොල්ෆ් තරගාවලියේ
ජයග්‍රාහකයන්ට අබුඩාබි සවාරියක්‌

එටිසලාට්‌ සමාගම විසින් සංවිධානය කරනු ලබන එටිසාලට්‌ ගෝල්ෆ් ක්‌ලැසික්‌ ගෝල්ෆ් තරගාවලිය ජුලි මස 30 වැනිදා කොළඹ රෝයල් ගොල්ෆ් ක්‍රීඩා සමාජයේදී පැවැත්වීමට නියමිතය.

මෙම ගොල්ෆ් තරගාවලිය කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම විවෘත වන අතර තරගාවලියට සහභාගිවීමට ඕනෑම අයකුට හැකියාව ඇති අතර ජයග්‍රාහකයාට හිමිවන අබුඩාබි සංචාරය සඳහා ජූලි 01 වැනිදාට පෙර එටිසලාට්‌ පසු ගෙවුම් සම්බන්ධතාවක්‌ ලබාගෙන තිබීම අවුශ්‍ය වේ.

තරගාවලියේ ජයග්‍රාහකයාට සහ තරගාවලියට සහභාගිවූ ඔහුගේ මිතුරෙකට සියලු වියදම් සහිත අබුඩාබි ගොල්ෆ් සවාරියක්‌ ලබා ගැනීමට අවස්‌ථාව උදාවෙනවා පමණක්‌ නොව ලොව සුප්‍රකට අබුඩාබි ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ වට තුනක්‌ ක්‍රීඩා කිරීමටද අවස්‌ථාව ලැබෙනු ඇත.

එටිසලාට්‌ සම්න්ධතාවක හිමිකරුවෙක්‌ වන ජයග්‍රාහකයාට සහ මිතුරාට ව්‍යාපාරික පන්තියේ යාම් ඊම් ගුවන් ටිකට්‌පත් දෙකක්‌, තරු පහේ හෝටලයක නවාතැන්, ගුවන් තොටුපලේ සිට ප්‍රවාහන පහසුකම් මෙන්ම සුප්‍රකට අබුඩාබි විවෘත ගෙල්ෆ් තරගාවලිය නැරැඹීමට ටිකට්‌පත් දෙකක්‌ නොමිලේම ලැබෙන් ඇති අතර කාන්තා අංශයේ වාසනාවන්ත ජයග්‍රාහිකාවටද ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්‌පතක්‌ හිමිවනු ඇත.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් එටිසලාට්‌ ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දුමින්ද්‍ර රත්නායක මහතා පැවසුවේ, ගොල්ෆ් කියන්නේ අපේ වෙළෙඳ සංස්‌කෘතිය වගේම පෞද්ගලික ජීවිතය තුළදීත් ඇති කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන දක්‍ෂතාව, ඉවසීම, නිවැරැදිබව සහ විනය වැනි ගුණාංග අවශ්‍ය වන ක්‍රීඩාවක්‌. එම නිසා එටිසලාට්‌ ගොල්ෆ් ක්‍රීඩාව සමග ඇති සම්බන්ධතාව, ප්‍රධාන වෙළෙඳපොළවල්වල එටිසලාට්‌ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උපකාරි වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. සමාගමක්‌ ලෙස ක්‍රීඩාව යනු ජීවිතයේ වැදගත් අංගයක්‌ වන විශ්වාසයේ අපි සිටිනවා. මෙම තරගාවලිය දක්‍ෂතාවන් සහ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කරනවා පමණක්‌ නොව ජාත්‍යන්තර තයේ අත්දැකීම් ලබා ගැනීමටත් උපකාරී වෙනවා. එටිසලාට්‌ ගොල්ම් ක්‌ලැසික්‌ හරහා අපට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ක්‍රීඩා රැල්ලක්‌ ශ්‍රී ලංකාවේ ඇති කිරීමට හැකියාව ලැබේවි. එය ඉදිරියට එළැඹෙන වසරවලදීසම්ප්‍රදායක්‌ බවට පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා යන්නය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.