ජෝන් කීල්ස්‌ සමූහය ශ්‍රී ලංකාවේ
සංචාරක ක්‍ෂේත්‍රයේ පෙරමුණට

වසර 2009 චාරිකා හා සංචාරක ජනාධිපති
සම්මාන උළෙලේදී සම්මාන 9 ක්‌ හිමි කරගනී


ජෝන් කීල්ස්‌ සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සංචාරක සේවා සමාගම් අතර වසර 2009 චාරිකා හා සංචාරක ජනාධිපති සම්මාන උළෙලේදී සම්මාන 9 ක්‌ හිමි කරගනිමින් පෙරමුණට පැමිණීමට සමත්ව සිටී. මෙය තනි සමාගමක්‌ විසින් මෙම සම්මාන උළෙලේදී හිමි කරගත් වැඩිම සම්මාන සංඛ්‍යාව වන අතර, එමගින් "සංචාරක" ක්‍ෂේත්‍රය තුළ ජෝන් කීල්ස්‌ හි ප්‍රමුඛත්වය නැවත වතාවක්‌ තහවුරු වේ. මෙම සම්මාන උළෙල පසුගිය ජුනි 15 දින බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහත් උත්කර්ෂවත් අන්දමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ජෝන් කීල්ස්‌ විසින් හිමිකරගන්නා ලද ජනාධිපති සම්මාන 9 න් 7 ක්‌ ම හිමි වූයේ සමූහයේ සංචාරක අංශය සඳහාය. මේ අනුව වෝකර්ස්‌ ටුවර්ස්‌ සහ විටෝල්ස්‌ ට්‍රැවල්ස්‌ විශිෂ්ටතම දේශීය සංචාර මෙහෙයවන්නා ලෙසද, විශිෂ්ටතම ස්‌වභාව ධර්ම හා වික්‍රමාන්විත සංචාර මෙහෙයවන්නා නේචර් ඔඩීසී.  විශිෂ්ටතම කුලී ගුවන් ගමන් මෙහෙයවන්නා - කොන්ඩෝර්  විශිෂ්ටතම රියෑදුරු සංචාරක මග පෙන්වන්නා, ප්‍රමෝ වෙලගෙදර මහතා, විශිෂ්ටතම සංචාරක මගපෙන්වන්නා, කීර්ති විඡේසිංහ මහතා, විශිෂ්ටතම ගමනාන්ත සහකරු (විදේශ) කුනි ට්‍රැවල්, සහ විශිෂ්ටතම ගමනාන්ත සහකරු සඳහා "සුවිශේෂ ක්‍ෂේත්‍ර සම්මානය" (කුනි) විසින් හිමි කරගන්නා ලදී.

විශිෂ්ටතම ගමනාන්ත සහකරු ලෙස සුවිශේෂී ක්‍ෂේත්‍ර සම්මානය කුනි විසින් මෙවර හිමිකර ගන්නා ලද්දේ සාර්ථක තුන්වෙනි වතාවටය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, සුඛෝපභෝගී නවාතැන් සහිත විශිෂ්ටතම තරු පහේ නගර හෝටලයට හිමි සම්මානය සහ සුඛෝපභෝගී නවාතැන් සහිත විශිෂ්ටතම තරු පහේ නගර හෝටලය සඳහා වන සුවිශේෂි ක්‌ෂේත්‍ර සම්මානයද හිමිකරගත් අතර, විශිෂ්ටතම තරු පහේ නගර හෝටලය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සාර්ථක තෙවෙනි වතාව සඳහාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.