එජාපය තනිවම තරග කරයි

පියසේන දිසානායක

මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්‌සත් ජාතික පක්‍ෂය මෙවර උතුරු නැගෙනහිර ඇතුළු යෝජිත සියලු පළාත් පාලන ආයතනවලට තනි පක්‍ෂයක්‌ ලෙස නාමයෝජනා පත්‍ර භාරදී මැතිවරණයට මුහුණ දෙයි. මෙතෙක්‌ පැවැති සියලු මැතිවරණවලදී සන්ධානගතව හෝ තනි පක්‍ෂයක්‌ ලෙස පළාත් හා දිස්‌ත්‍රික්‌ක කිහිපයකට තරග කළත් මේ මැතිවරණයේදී තනි පක්‍ෂයක්‌ ලෙස පළාත් පාලන ආයතන 301 ටම අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීම නිසා නව පිබිදීමක්‌ පක්‍ෂය තුළ ඇතිවී තිබෙන බව එ.ජා.ප. නියෝජ්‍ය නායක දේශබන්දු කරු ජයසූරිය මහතා පැවැසීය. 1977 පැවැති මහ මැතිවරණයේදී ජනතාව තුළ පැවැති උනන්දුවට සමාන උනන්දුවක්‌ මෙවර ජනතාව තුළ ඇතිවී විශාල වශයෙන් වෙනත් පක්‍ෂවල සාමාජිකයන් පවා අපේක්‍ෂා නොකළ ආකාරයට එක්‌සත් ජාතික පක්‍ෂය වටා ඒකරාශි වෙමින් පවතින බව හෙතෙම කීය.

2002 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් එක්‌සත් ජාතික පෙරමුණ රටේ පළාත් පාලන ආයතනවලින් 95% ක බලය ලබාගනිමින් වාර්තා ගත ජයග්‍රහණයක්‌ ලැබුවා සේම මෙවරද වාර්තාගත ජයග්‍රහණයක්‌ ලබන බව ජයසූරිය මහතා වැඩිදුරටත් කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.