*  


ජනපතිට එරෙහි සාවද්‍ය නඩුවේ
සාක්‌කිකරුවෝ ඇමරිකානු තානාපතිවරුද?


* කොටි ත්‍රස්‌තවාදී ගුවන් විදුලියට බෝම්බ දැමීම ගැන එරෙහි වූ ක්‍රිස්‌ටෝපර් වොරන් ටියුනීසියා සහ ඊජිප්තු පාඩම් ඉගෙන ගන්නැයි මෙරට මාධ්‍යවලට කියා සිටී.

* බලයේ සිටි ආණ්‌ඩු කොටි මර්දනය සඳහා ආරක්‍ෂක හමුදාවට සහ පොලිසියට සහාය වූයේ නැතැයි හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ඇන්ටන් ජෙයනාදන් පවසයි.

* යුරෝපා රටෙක ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිදහස්‌ දින උත්සවයේ ජාතික ගීය හා මියගිය සෙබළුන් අනුස්‌මරණයක්‌ නැහැ.

* තමිනාල්ඩු ධීවරයන් 112 ක්‌ ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී අත්අඩංගුවට

* තමිල් සෙල්වන්ගෙන් ඇයි තවත් ඉවසන්නේ යෑයි විමසුවේ කවුද?

* ඔක්‌ස්‌පම් ඇතුළු විදෙස්‌ එන්. ජී. ඕ. සංවිධාන දහයක විමර්ශන වාර්තාවන්


ඇමරිකානු නිලධාරීන්ට එරෙහිව නඩුවක්‌ විභාග කිරීමට
ස්‌පාඤ්ඤ අධිකරණයට කිසිදු හිමිකමක්‌ නැහැ - ඩග්ලස්‌ පෙයිත්
ඇමරිකානු ආරක්‍ෂක පිළිවෙත පිළිබඳ හිටපු සහකාර ලේකම්

Spain has no right to try U. S. Officials
- Douglas Feith - Former under Secretary of defence Policy

"ජනාධිපති රාජපක්‍ෂට නඩුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්‌වීමට දින විස්‌සක්‌ ඇත. බාස්‌ පෙයින් ඇමරිකානු කොටි හිතවාදී නීතිඥ

President Rajapaksa has 20 days to
respond to the complaint - Bruce fein

ඇමරිකානු නීතිවේදී බෲස්‌ පෙයින් චෙන්නායි නුවරදී කොටි හිතවාදීන් අමතමින්.

ටැමිල් එගෙන්ස්‌ට්‌ ජෙනෝසයිඩ් නමැති කොටි හිතවාදී සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බෘස්‌ පෙයින් නමැති නීතිවේදියා පසුගිය ජනවාරි 26 වැනිදා ඇමරිකානු කොලම්බියා දිසා අධිකරණයේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව නඩුවක්‌ ගොනු කරනු ලැබීය. මේ නඩුවේ පැමිණිලිකරුවන් වුයේ ලන්ඩනයේ පදිංචි වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් - කලෙයි සෙල්විලාන් සහ ජෙයකුමාර් අයියතුරේ නමැත්තන් ය. ත්‍රිකුණාමලයේදී ද්‍රවිඩ සිසුන් පස්‌දෙනකු හා මුතූර්හිදී සහන සේවකයන් 17 කගේ මරණ වලට ජනාධිපතිවරයා වගකිවයුතු බවට සාවද්‍ය චෝදනා නගමින් ඩොලර් මිලියන තිහක වන්දියක්‌ මෙකී නඩුවෙන් ඉල්ලා තිබිණි. එසේම ජෙයකුමාර් අයියතුරේ දක්‌වා තිබුණේ 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එල්ල කළ ෂෙල්වෙඩි ප්‍රහාරවලින් තම පවුලේ සාමාජිකයන් සිවුදෙනෙක්‌ මියගිය බවයි.


ජනපතිට එරෙහි නඩුවේ
ඇමරිකානු තානාපතිවරුන් ගැන සඳහන් වීම.

ජනපතිට එරෙහි මේ නඩුව පැවරූ නීතිවේදියා කළ නිවේදනය මොහොතක්‌ තුළ නෝර්වේ හි කොටි වෙබ් අඩවියට ලැබුණි. එසේම පිටු 29 කින් යුත් පැමිණිල්ල ද කොටි ජාලය වෙත ලබා දීමට ඔහු ක්‍රියා කළේය.

මෙකී නඩුවට අදාළ සිතාසිය කොළඹ ඇමැරිකානු තානාපති කාර්යාලය හරහා ජනාධිපති වෙත ලබා දීමට ක්‍රියාකරන බව ද දින විස්‌සක්‌ තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්‌වියයුතු බව ද බෘස්‌ පෙයින් විසින් ප්‍රකාශ කෙරුණි.

එහෙත් මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ට හෝ ඇගේ තානාපති නිලධාරීන්ට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහි නඩුවේ සිතාසියක්‌ බාර දීමේ හිමිකමක්‌ නැත.

මෙකී නඩුවේ මුල් පැමිණිලිකරු වෛද්‍ය කාසිප්ලලේ ලන්ඩනයේ පදිංචිව සිටින අතර, ඔහු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයට පැමිණි අවස්‌ථාවේ නඩු පැවරීමට ක්‍රියා කළේ නැත. එහෙත් ඔහු ඒ සඳහා ඇමරිකානු අධිකරණය තෝරා ගෙන ඇත.

මෙකී නඩුවේ පැමිණිල්ලට අදාළ කරුණුවලින් ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුන් වූ ජෝශප් පරාජසිංහම්, නඩරාජා රවිරාඡ් ද ඝාතනය වීම ගැන චෝදනා එල්ල කරතිබේ.

එසේම මෙකී ඝාතන රජය අපහසුතාවකට පත් කිරීම සඳහා වෙනත් පාර්ශ්වයන් කළ බව රජයේ බලධාරීන් කරන ප්‍රකාශය නිවැරැදි නැතැයි ශ්‍රී ලංකාවේ තියුනු ඇමරිකානු තානාපතිවරුන් සිවුදෙනකු පවසා ඇතැයි ද පැමිණිලිකරු මනෝහරන් පවසයි.

මේ තානාපතිවරුන් වන්නේ පිටර් බර්ලර්, ෂවුන් ඩොනලි, ඈෂ්ලි විලිස්‌ සහ ජෙෆ්රි ලන්ස්‌ටඩ්ය.

මනෝහරන්ගේ පැමිණිල්ලේ විසිතුන් වැනි කරුණ වන්නේ යුද අපරාධවලට ශ්‍රී ලංකා ජනාධිපති, ආරක්‍ෂක ලේකම් සහ හිටපු හමුදාපති ඇතුළු නිලධාරීන් වගකිව යුතු යෑයි මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යෑවූ රහස්‌ පණිවුඩයයි.

එලෙස ඇමරිකානු තානාපතිවරුන්ගේ සාවද්‍ය ප්‍රකාශ මත ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට දින 14 කට පෙර ඇමරිකාවේ ග්ලේන් එකෝ නමැති සමාගමේ පිහිටා ඇති ටැමිල් එගෙන්ස්‌ට්‌ ජෙනෝසයඩ් සංවිධානය ත්‍රිකුණාමලයේ සිසුන් පස්‌දෙනාගේ සිද්ධිය සම්බන්ධයෙන් පිටු 68 ක වාර්තාවක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් හි එන්. ජී. ඕ. සංවිධානයක්‌ විසින් පැවැත්වූ ජනතා අධිකරණය නමැති ව්‍යාජ අධිකරණයක්‌ වෙත යොමු කෙරුණි.

මේ ව්‍යාජ අධිකරණය විසින් ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇතැයි පැය 48 ක්‌ තුළ තීරණය කෙරුණි. මෙකී ටැමිල් එගෙන්ස්‌ට්‌ ජෙනෝසයඩ් සංවිධානයේ වාර්තාවේ 45 වැනි වගන්තියේ දැක්‌වෙන්නේ පැමිණිලිකරු වන වෛද්‍ය මනෝහරන්ට ආරක්‍ෂාව සපයා ඇත්තේ අවිහිංසාවාදී සාම බළකාය නමැති එන්. ජී. ඕ. සංවිධානයයි.

During all of this time only the non govt
organisation the non violent peace force gave us Protection

අවිහිංසාවාදී සාම බළකාය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී ඇති බවට මෙයටත් වඩා සාක්‍ෂි රජයට අවශ්‍ය ද?

මේ නිසා ලන්ඩනයේ පදිංචි මනෝහරන් ජනාධිපතිට එරෙහිව ඇමරිකාවේ නඩු පැවරීමේ පසුබිම සනාථ වේ. ඔහුගේ මේ නඩුවේ සංක්‌කිකරුවන් වී ඇත්තේ බුටේනිස්‌ හා හිටපු ඇමරිකානු තානාපතිවරුන් ය.

මනෝහරන් ඇතුළු තිදෙනා මේ නඩුව පැවරීමෙන්පැය 24 කට පසු ඇමරිකානු කොටි ජාලය විසින් එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොනට එරෙහිව යුද අපරාද සිදු කළ බව කියමින් නඩුවක්‌ ගොනු කිරීමට සැලසුම් කරන බව වාර්තා විය.

මේ අතර මෙරට හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ ඇන්ටන් ජෙයනාදන් විසින් උගත් පාඩම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ කළ ප්‍රකාශය මෙරට සහ විදෙස්‌ කොටි හිතවාදීන් අතර කම්පනයක්‌ ඇති වීමට තුඩු දී ඇත. මේ ඔහු කළ ප්‍රකාශයේ සාරාංශයයි

"කොටි සංවිධානයේ ම්ලෙච්ඡ ක්‍රියා නිසා මුළු රටම කිව නොහැකි තරම් විපතකට පත්වුණා. අප රටේ ප්‍රගතියවසර 30 සිට 40 දක්‌වා පසු බෑමකට ලක්‌වුණා. නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වූ විශ්‍රාමික නිලධාරියකු ලෙස ත්‍රස්‌තවාදය යනු අපරාධකාරී ක්‍රියාවක්‌ ලෙස මා හඳුන්වනවා. කුමන කරුණක්‌ උදෙසා වුවත් ආයුධ සන්නද්ධ අරගලයක්‌ යනු ත්‍රස්‌තවාදයයි. ත්‍රස්‌තවාදයට එරෙහිව කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව ආරක්‍ෂක හමුදාව සහ පොලිසිය එක්‌ව ක්‍රියා කළ යුතුයි. කොටි සංවිධානය කුමන අන්දමේ අපරාධකාරී ක්‍රියා සිදු කළත් බලයේ සිටි ආණ්‌ඩු ආරක්‍ෂක හමුදාවට සහ පොලිසියට තම රාජකාරි ඉටු කිරීමට ඉඩ දුන්නේ නැත. දේශපාලන ක්‍රමවේද තම මනසේa තබාගෙන සිටි දේශපාලන නායකයන් කොටින්ගේ අභියෝගයට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ආරක්‍ෂක හමුදාවට හා පොලිසියට අවශ්‍ය පිරිස්‌ හා උපාංග ලබා දීමට ද අපොහොසත් වුණා.

කොටි ක්‍රියාකාරකම් ගැන විමර්ශනය කළ පොලිස්‌ නිලධාරීන් ට මුහුණ පෑ තර්ජන මා දන්නවා. කොටින්ගේ ඉලක්‌කය වූයේ ද්‍රවිඩ ජන සමාජයට අයත් පොලිස්‌ නිලධාරීන්, බැස්‌ටියන් පිල්ලේ පද්මනාදන්, රාඡ් ස්‌වරන් - තියෝපිලස්‌ වැනි නිලධාරීන්ව මගේ මතකයට නැගෙනවා. කොටි සංවිධානයට යටත් වූ පොලිස්‌ නිලධාරින් 400 කට අධික පිරිස ගැන මා අවධානය යොමු කරනවා. මාත් සමඟ පොලිසියට එක්‌ වූ කණ්‌ඩායමේ සිටි සහකාර පොලිස්‌ අධිකාරි අයිවන් බොතේජු ගැන ද කිව යුතුයි. තම දිවි නොතකා කොටි අභියෝගයට මුහුණ දීම සඳහා ඔවුන් සූදානම් වුණා. පොලිසියේ ගෞරවය රැක ගැනීමට ත්‍රස්‌තවාදීන් සමඟ සටන් කිරීම සඳහා අවසරය දෙන්නැයි උසස්‌ බලධාරීන් වෙත ඔවුන් ආයාචනා කළා. එහෙත් දේශපාලන ස්‌වාමිවරුන් පොලිස්‌ බලධාරීන්ගේ මාර්ගයෙන් අවි බිම තබා ත්‍රස්‌තවාදීන්ට යටත් වන්නැයි උපදෙස්‌ ගන්න. ඔවුන් තම උසස්‌ නිලධාරීන්ගේ නියමය පිළිපැද්දා. නමුත් පොලිස්‌ නිලධාරීන් සියලු දෙනාම ඝාතනය කරනු ලැබුවා.

They were rearing to Meet challenge of
terrorists even by Sacrificing their lives.
pleadng with their superiors to permit them
to break out and comfront the terrorists to
uphold the dignity of the police.

The Political masters through the police
hierachy directed the entire Groups of
Officers to Lay Down their arms and
surrender to the Terrorists
They obeyed their Superiors
The entire Group of Officers was
murdered

පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ වෘත්තීමය නිපුණත්වය ඇති කිරීමට නම් දේශපාලන බැඳීම නොව අවංක බව කාර්යක්‍ෂමතාවය යන කරුණු උසස්‌වීම් සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය යෑයි පැවසූ ජෙයනාදන් මහතා අද පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ පවතින ක්‍රමවේදය එය නොවේ යෑයි තවදුරටත් කියා සිටියේය.

එසේම උතුරු නැගෙනහිර බලය අල්ලා ගැනීම සඳහා පෙරඩල් පක්‍ෂය සහ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ක්‍රියාකිරීම කොටි සංවිධානය බිහිවීමට පාදක වූ එක්‌ කරුණක්‌ යෑයි ද හෙතෙම පවසනු ලැබීය.

මෙලෙස කොන්දක්‌ ඇති එක්‌ විශ්‍රාමික ද්‍රවිඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු මෙරට පැවැති තත්ත්වය හෙළිදරව් කරද්දී යුරෝපා රටෙක තානාපතිවරයකු 63 වැනි නිදහස්‌ උළෙල සැමරීම සඳහා තානාපති කාර්යාලයේ පැවැත්වූ උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීම සහ මෙරට සැබෑ නිදහස වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් ජනාධිපති නිහඬතාවන් දැක්‌වීමට ඉඩ දී නැත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් කළ විමසීමේදී මගේ ක්‍රමවේදය එයයි. ඒවා ලංකාවේ යෑයි ද ඔහු තවදුරටත් පවසා තිබේ.

මේ අයුරින් ද්විත්ව රංගනයක යෙදෙන මේ තානාපතිවරයා සිංහලයන් වෙතින් ද්‍රවිඩයන්ට වරදක්‌ වූ බවත් සිය කතාවේදී පවසා ඇත.

මෙය පුදුමයක්‌ නොවේ. නෝර්වේහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිදහස්‌ දින උත්සවය නොපැවැත්විණි. අප ඒ ගැන හෙළි කරත්ම තානාපති බලධාරීහු දැඩි ලෙස කළබලයට පත් වී නෝර්වේ හි ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ උත්සවය තමන් මෙහෙය වූවක්‌ යෑයි පෙන්නුම් කිරීමට උත්සාහ කළහ.

එසේම ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර කොන්සල් කාර්යාලයේ නිදහස්‌ දින උත්සවයේ ද තහනම් වචනය වූයේ ආරක්‍ෂක හමුදාවය. ජාතික ගීය ගායනා කිරීමෙන් වැළකී රණවිරුවන්ව අමතක කරන පිරිස කිසි දිනෙක කොටි සංවිධානය විනාශ කළ යුතු යෑයි පැවසුවේ නැත.

සුරිච් නගරයේ පැවැති නිදහස්‌ දින උත්සවයේදී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති
ටී. බී. මඩුවෙගෙදර මහතා චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වමින්.

එහෙත් දේශමාමක තානාපතිවරු නිදහස්‌ දින උත්සව උත්කර්ෂවත් ලෙස සැමරීමට ක්‍රියා කළහ.

පසුගිය ඉරිදා ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නගරයේ ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ නිදහස්‌ දින උත්සවයට ජර්මනියේ තානාපති මඩුවේගෙදර සහ ස්‌විට්‌සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් පැමිණ සිටියහ

මේ අතර ජාත්‍යන්තර පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති ක්‍රිස්‌ටෝපර් වොරන් නමැත්තා මේ සතියේදී මෙරටටට සම්ප්‍රාප්ත විය. මොහුව මෙරටට ගෙන්වනු ලැබුවේ නෝර්වේ අරමුදල් ලබන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයයි. මේ ක්‍රිස්‌ටෝපර් වොරන් යනු කොටි ඝාතන සමාගමේ "කොටි හඬ" ප්‍රචාර අනුමත කළ අයෙකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොටි හඬ ගුවන් විදුලියට බෝම්බ දැමීමේ සිද්ධිය හෙළා දකිමින් ඔහු ප්‍රකාශයක්‌ ද කරනු ලැබීය.

කොටි ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රස්‌ත ප්‍රචාර නතර කිරීම සඳහා රජයේ ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින වොරන් ඇමරිකානු ෙඩ්‍ර`න් යානා විසින් තැලිබාන් ගුවන් විදුලි මධ්‍යස්‌ථානවලට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම හෙළාදකින්නේ නැත.

ඔහු කොළඹදී දේශනයක්‌ පවත්වනු ලැබීය.

"ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ සිටින අපේ මිතුරන්ගේ හා සගයන්ගේ පාඩම් ඉගෙන ගත යුතු යයි ඔහු මේ දේශනයේදී කියා සිටියේය.

 

ක්‍රිස්‌ටෝපර් වොරන් නමැත්තා මේ ඉගෙන ගත යුතු පාඩම් යෑයි දක්‌වන්නේ ඇමරිකානු සහාය මත වත්මන් රජය පෙරළා දැමීමද?

ඉරාක චරපුරුෂයකු වූ ජනාබි නමැත්තා ඉරාකයේ හිටපු පාලක සදාම් හුසේන් සතුව රසායනික අවි තිබෙන බවට කළ ප්‍රකාශය බොරුවක්‌ යෑයි මේ සතියේදී මුළු ලොවටම හෙළි කළේය. එම ප්‍රකාශය මත ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කෙරුණි. මේ නිසා ලක්‍ෂයකට අධික ඉරාක සිවිල් වැසියන් ඝාතනය විය.

එහෙත් වොරන්ලා නිහඬ වී සිටී. එසේ වුවත් ඔහු මෙරට පැමිණියේ ජනතාව උසිගැන්වීමටද?

මේ සතියේ ආරක්‍ෂක කරලිය පිළිබඳව විමර්ශනය කරද්දී ස්‌විස්‌ කොටි ජාලය විසින් යුරෝපා සංගමයේ කොටි තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් ඇම්ස්‌ටර්ඩෑම් නුවර කොටි හිතවාදී නීතිවේදියකු ලවා යුරෝපා අධිකරණ හමුවේ නඩුවක්‌ පවරා ඇතැයි වාර්තා විය.

පේදුරුතුඩුව සහ වඩමාරච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා මුහුදු කලාපයට අනවසරයෙන් පැමිණ ඉන්දීය ධීවරයන් 112 ක්‌ උතුරේ ද්‍රවිඩ ධීවරයන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක්‌ ද මේ සතියේ දී හෙළි විය. මෙම තමිල්නාඩු ධීවරයන් කණ්‌ඩායම දින 14 ක්‌ රිමාන්ඩ් භාරයේ තබන්නැයි යාපනය යාපනය මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

ඉන්දීය ධීවරයන් සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් චෙන්නායි නගරයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වූ තමිල්නාඩු මහ ඇමැතිගේ දියණිය වූ කනමෝෂි ඇතුළු 1000 කට අධික විරෝධතාකරුවන් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර කොටි ඝාතකයකු වූ තමිල් සෙල්වන්ගේ සගයන් වෙස්‌මුහුණු පැළඳගෙන වත්මන් රජය වෙයත සමීප වී ඇතැයි තහවුරු විය. මින් එක්‌ අයෙක්‌ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවාහි තමිල් සෙල්වන් ඇතුළු කොටි කණ්‌ඩායම නතර වී සිටි හෝටලයට මහ රෑ රිංගුවේය. එසේම තමිල් සෙල්වන් සමඟ විද්යුත් නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇයි තවදුරටත් ඉවසන්නේ යෑයි විමසීය.

ලන්ඩනයේ කොටි හිතවාදීහු ජනාධිපතිගේ ඔක්‌ස්‌පර්ඩ් දේශනය වැළැක්‌වීම සම්බන්ධයෙන් මොහු වචනයක්‌වත් පැවැසුවේ නැත. ප්‍රභාකරන්ට එරෙහිව කිසි විටෙක ප්‍රකාශයක්‌ නොකළ මේ තැනැත්තා කවුද කරන්නේ කමක්‌ද යන්න මෙරට බුද්ධි අංශ දනී.

දැන් මොහුව දේශපාලන කරළිය තුළ පිම්බීමේ කොන්ත්‍රාත්තුව ගෙන ඇත්තේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාව විනාශ මුඛයට ළං කළ බොම්බඩියර්ගේ කණ්‌ඩායමේ සගයෙකි.

මුනාමලෙයි මෙහෙයුම කලින්ම හෙළිකර සෙබළුන් රැසක්‌ ජීවිතක්‍ෂයට පත්වීමට වගකිව යුතු මේ ෙද්‍ර`හියා තමිල් සෙල්වන්ගේ සගයකු සමඟ එක්‌වීම පුදුමයක්‌ නොවේ.

උතුර - නැගෙනහිර අවතැන් වූවන්ගේ ඉඩම් ප්‍රශ්නය නමින් විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන දහයක විමර්ශ වාර්තාවක්‌ සම්බන්ධයෙන් දැන් තොරතුරු හෙලි වී ඇත. ඔක්‌ස්‌පම්, සී. පී. ඒ. එන්. ආර්. සී. - ඩී. ආර්. ජී. කෙසාර්. සී. එම්.ආර්.ඩී.යන සංවිධාන ද සම්බන්ධ වී කාර්ය සාධක බළකායන් නමින් පිහිටුවා මෙකී වාර්තාව සකස්‌ කර තිබේ. මේ විමර්ශන වාර්තාවෙන් උතුර - නැගෙනහිර සමහර ප්‍රදේශවල සිමා විනාශකර වෙනස්‌කර ඇත. එවන් අවතැන්වූවන් යළි පැමිණ විට අලුතින් පදිංචිවූවන් අලුත් සීමා ඇතිකර ඇතැයි කියා සිටී.

එසේම අධි ආරක්‍ෂක කලාප අඩු කළ යුතු යෑයි ද එකී වාර්තාවේ දක්‌වා තිබේ.

මෙහිදී සනාථ වන්නේ මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමයි.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.