තමිල්නාඩු ට්‍රොaලර් යාත්‍රා නාවික හමුදාවට
බාර දෙන්නේ නෑ

- පේදුරුතුඩුව ධීවර සමිති

කීර්ති වර්ණකුලසූරිය

තමිල්නාඩු ට්‍රෝලර් යාත්‍රා 18 ක්‌ නාවික හමුදාවට ලබාදීම පේදුරුතුඩුවේ ධීවර සමිති විසින් ප්‍රතික්‍ෂේප කිරීමෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අර්බුදයක්‌ ඇති කිරීමට උත්සාහ කරන බව ආරංචි මාර්ග දක්‌වයි.

පේදුරුතුඩුවේ ධීවර සමිති නියෝජිතයන් විසින් පැවැත්වූ සාකච්ඡාවේදී මේ තීරණය ගෙන තිබේ.

තමිල්නාඩු ධීවර යාත්‍රා අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම ගැන සිවිල් ක්‍රියාමාර්ගවලට එළඹිය යුතු බවත් හමුදා ඊට සම්බන්ධ නොවිය යුතු බවත් එකී ධීවර සමිති නියෝජිතයන් පවසා ඇත.

මේ ට්‍රෝලර් යාත්‍රා නාවික හමුදාවේ භාරයට ලබාදිය යුතු යෑයි ශ්‍රී ලංකා රජය විසින් උතුරේ ධීවර සමිතිවලට දන්වා තිබේ.

මේ ධීවරයන්ට නීතිය අතට ගැනීමට ඉඩදිය නොහැකියි. මොවුන් සම්බන්ධ ධීවර සමිති පසුගිය සමයේ කොටින්ට සහාය දැක්‌වූවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.