මැතිවරණ වැඩ සජිත්ට පවරා රනිල් විදෙස්‌ ගත වෙයි

නෝමන් පලිහවඩන

එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය සංචාරයක නිරතව ඇති බැවින් ඔහු යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්‌ පක්‌ෂයේ මැතිවරණ කටයුතු සියල්ල මෙහෙයවීමට හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට පවරා ඇත. දැනටමත් පක්‌ෂය වෙනුවෙන් මැතිවරණ කටයුතු සියල්ලම තමාගේ මෙහෙයවීමෙන් ආරම්භ කළ බව මේ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම ප්‍රකාශ කළේය.

තමාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු සියල්ලටම පක්‌ෂයේ සියලු දෙනාගේම සහාය ලැබී ඇති බවද හෙතෙම පැවැසීය.

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී පක්‌ෂයේ නියෝජිතයන්ගේ ජයග්‍රහණය හිමි කරගැනීම සඳහා තමා පක්‌ෂය මෙහෙයවන බවද කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.