කුසලාන දිනන්නට සැලසුම් කරන පුහුණුකරුවෝ...

පුන පුනා බලා සිටි ක්‍රිකට්‌ ලොවේ අසිරිමත් මංගල්‍යය හෙවත් 10 වැනි ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භය පසුගිය සිකුරාදා (17 දා) බංග්ලාදේශයේ ධකා අගනුවරදී සිදුවිය. කණ්‌ඩායම් 14 ක්‌ කාණ්‌ඩ 2 ක්‌ යටතේ සහභාගිවනු ලබන අදාළ ලෝක කුසලාන තරගාවලියේදී සියලූම කණ්‌ඩායම් එකිනෙකට වෙනස්‌ අරමුණකින් තරග වැදීමද සුවිශේෂී වෙයි.

             

එහිදී මූලික වශයෙන්ම කණ්‌ඩායම් කිහිපයක්‌ කුසලාන දිනා ගැනීමේ අදහස පෙරදැරිවද තවත් සමහරක්‌ තම කණ්‌ඩායම්වල දක්‍ෂතාව ප්‍රගුණ කර ගැනීමේ අභිලාෂයෙන් මෙම තරගාවලියට අවතීර්ණ වී තිබේ.

මෑත කාලයේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රිඩාවේ නිරත වන රටවල් 9 අතුරින් රටවල් 6 ක්‌ම පසුගිය 2007 ලෝක කුසලාන තරගාවලිය අවසානයත් සමඟ 2011 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිඹුරුපත් සකසනු ලැබීය. එම සැලසුමෙහි පළමුවැන්න ලෙසින් එම රටවල් ගත් ක්‍රියාමාර්ගය වූයේ කණ්‌ඩායමක දක්‍ෂතාව වෙනුවෙන් වෙසෙසින්ම ඉවහල් වන පුහුණුකරුගේ තනතුරේ පුරප්පාඩුව පිරිමසා ගැනීමයි.

එහිදී ගැරී කර්ස්‌ටන් ඉන්දීය කණ්‌ඩායමටද, ඇන්ඩි ෆ්ලවර් එංගලන්ත කණ්‌ඩායමටද, ටිම් නීල්සන් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමටද, කෙරී වැන්සිල් දකුණු අප්‍රිකානු කණ්‌ඩායමද, වකාර් යුනිස්‌ පාකිස්‌තානු කණ්‌ඩායමට සහ ට්‍රෙවර් බේලීස්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායමටද පුහුණුකරුවන් වශයෙන් තේරී පත්වූහ.

2007 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ඔස්‌ටේ්‍රලියානුවන්ගේ අනුකම්පා විරහිත පිතිහරඹය හමුවේ අනුශූරතාවෙන් පමණක්‌ සෑහීමකට පත්වූ ශ්‍රී ලංකා කණ්‌ඩායමට ගිලිහී ගිය කුසලාන යළි දිනා ගැනීම මෙන්ම අවසන් වසර කිහිපය තුළදී කණ්‌ඩායමේ ක්‍රීඩකයන් දැක්‌වූ දක්‍ෂතා මත ඉන්දීය කණ්‌ඩායමටද මෙවර තරගාවලියේ ශූරතාව වෙනුවෙන් වැඩි ඉඩ කඩක්‌ පවතියි. ඉහතින් සඳහන් කළ කාරණා දෙකද ඇතුලූව මෙවර තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව තරගාවලිය ආරම්භ වීමටත් පෙරම බලාපොරොත්තු පොදි බැඳ ගැනීම වෙනුවෙන් තවත් හේතු කිහිපයක්‌ ඉවහල් වනු ඇත. හුරුපුරුදු දේශගුණය, හුරුපුරුදු තණතීරු සහ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර යන ජයග්‍රහණය සඳහා සම්මතය යෑයි සැලකෙන සාධක මෙවර තරගාවලියේදී සෘජුවම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සතු වන බැවින් අදාළ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු පොදි බැඳ ගැනීම ඒ සඳහා වරදක්‌ නොවනු ඇත.

මෙවර තරගාවලියට ඉදිරිපත් වනු ලබන ඉන්දීය කණ්‌ඩායමේ පුහුණුකරු ධුරය ගැරීර්ස්‌ටන් අතට පත්වීමත් සමඟ ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්‌ථානයටත් එක්‌දින ශ්‍රේණිගත කරීම්වල දෙවැනි ස්‌ථානයටත් පැමිණීමට ඉන්දියාවට හැකි විය. තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් එක්‌දින ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්‌ථානයට පැමිණීමට ඔවුන්ට විශාලම අවස්‌ථාවක්‌ ඇත්තේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් ගෙන බැලීමේදී අත්දැකීම් මෙන්ම දක්‍ෂතාවලද උපරිමයක පවතින බැවිනි.

අවසන් මාස කිහිපය තුළදී එංගලන්ත කණ්‌ඩායමේ දක්‍ෂතා ගෙන බැලීමේදීද මෙවර තරගාවලියේදී කුසලාන දිනා ගැනීම වෙනුවෙන් ඉදිරියෙන්ම පසුවන කණ්‌ඩායමක්‌ ලෙස හැඳින්විය හැක. සිම්බාබ්වේ ජාතික කණ්‌ඩායම නියෝජනය කළ ඇන්ඩි ෆ්ලවර් කණ්‌ඩායමේ පුහුණුකරු ධුරය භාර ගැනීමත් සමඟ පන්Øවාර 20-20 ලෝක කුසලානයේ ජයග්‍රහණයත් සහ අලූබඳුන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ වසර 24 කට පසු ඔස්‌ටේ්‍රලියාව ඔස්‌ටේ්‍රලියාවේදීම පරාජය කිරීමටද හැකිවීම මත එංගලන්ත කණ්‌ඩායමේ බලාපොරොත්තු ඉහළ නැගී තිබේ.

පසුගිය 2007 තරගාවලියේ" අයර්ලන්තය සමඟ පැවැති තරගය පරාජයට පත්වීමත් සමඟම එදින රාත්‍රියේදී පාකිස්‌තානු පුහුණුකරු ලෙස කටයුතු කළ බොබ් වුල්මර් මහතා අභිරහස්‌ ලෙස තම කාමරය තුළ මිය යැමෙන් අනතුරුව පාකිස්‌තානු කණ්‌ඩායමට පුහුණුකරු ලෙස පත්වූ වකාර් යුනිස්‌ද කණ්‌ඩායමේ දක්‍ෂතා ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් විශාල ලෙස දායක වීමට සමත්වී සිටියි.

බුකීකරුවන්ට උවමනා ලෙස දක්‍ෂතා පාවාදෙමින් ක්‍රීඩා කළේ යෑයි දක්‍ෂ ක්‍රීඩකයන් පිරිසකට ජාත්‍යන්තර තරග තහනමක්‌ පැනවුණද එම අඩුපාඩු නිසියාකාරව පිරිමසා ගනිමින් අවසන් තරගාවලි කිහිපයේදීම පාකිස්‌තානු කණ්‌ඩායමේ දක්‍ෂතා ඉහළ අයුරින් පවත්වාගෙන යැමට වකාර් යුනිස්‌ සමත්වී තිබේ.

එමෙන්ම දකුණු අප්‍රිකානු කණ්‌ඩායමද මෙවර තරගාවලියේදී කුසලාන දිනා ගැනීමේ පෙරමුණේ පසුවනනේ අවසන් මාස කිහිපය තුළදී ඔවුන්ගේ දක්‍ෂතා ඉතාමත් ඉහළ මට්‌ටමක පැවැතීම හේතුවෙනි.

ඉතාමත් දක්‍ෂ පිතිකරුවන්ගෙන්, දක්‍ෂ පන්දු යවන්නන් මෙන්ම ප්‍රභලම තුන් ඉරියව් ක්‍රීඩකයන් පසුවන දකුණු අප්‍රිකානු කණ්‌ඩායමේ සියලූම ක්‍රීඩකයන් තම උපරිම දක්‍ෂතාවල පසුවීම මෙවර තරගාවලිය තුළදී ජයග්‍රාහී ශූරතාව දිනාගනු ඇතැයි අනුමාන කෙරෙන රටක්‌ වශයෙන් නම් කොට තිබේ.

ටොම් මූඩිගේ නික්‌ම යැමත් සමඟම ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයට පත්වූ ට්‍රෙවර් බේලීස්‌වද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂතා එළියට ගැනීමට සමත්වූ පුහුණුකරුවෙකු වී තිබේ. පුහුණුකරු ධුරය භාරගන්නා අවස්‌ථාව වන විට ටෙස්‌ට්‌ සහ එක්‌දින තරග ශ්‍රේණගත කිරීමට පහළටම වැටී සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායමට බේලීස්‌ගේ ආගමනයත් සමඟම එහි ඉහළ ස්‌ථාන (2-3) අතරට පැමිණිමට හැකියාව ලැබී තිබේ.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව එක්‌දින තරගාවලියක්‌ ජයග්‍රහණය කිරීමේ පහස විඳීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට හැකියාව ලැබුණේ බේලීස්‌ගේ මූලිකත්වය මතය. එමෙන්ම කණ්‌ඩායම් සංයුතියද නිසියාකාරව පවත්වාගෙන යමින් ඒ ඒ ක්‍රීඩකයන්ගේ අවශ්‍ය අවස්‌ථාවන්වලදී ලබාගත යුතු සේවය ලබා ගැනීම වෙනුවෙන් බේලීස්‌ දක්‌වනු ලබන්නේ සහජ හැකියාවකි.

පුහුණුකරුවන්ගේ ආගමනයත් සමග ඉහතින් සඳහන් කරන ලද කණ්‌ඩායම්වල දක්‍ෂතා වර්ධනය වුවත් එසේ වර්ධනය නොවූ කණ්‌ඩායමක්‌ වශයෙන් ලෝක ශූර ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම නම් කළ හැක. අවසන් වරට සහභාගි වූ තරගාවලි කිහිපයක්‌ම අන්ත පරාජයට ලක්‌වීම ඒ සඳහා වන හොඳම මිණුම් දණ්‌ඩ වේ.

2007 ලෝක කුසලාන තරගාවලියේදී දක්‍ෂතාවල උපරිම තලයේ පසුවූ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට, ග්ලෙන් මැක්‌ග්‍රාත්, මැතිව් හේඩ්න්, ඇඩම් ගිල්ක්‍රිස්‌ට්‌ මෙන්ම ඇන්ඩෘ සයිමන්ඩ්ස්‌ගේ සේවය අහිමිව යැමත් සමඟ මේ තත්ත්වය ඇතිවී තිබෙන බව පැහැදිළි වේ. කෙසේ නමුත් වත්මන් කණඩායමටද නවක ක්‍රීඩකයන් පැමිණ සිටියත් ඔවුන්ගේ දක්‍ෂතා එක පොකුරට එළියට නොපැමිණීම මත අවසන්වරට සහභාගිවූ තරග කිහිපයක්‌ පරාජය වීමට ඔවුන්ට සිදුවිය.

ප්‍රභල ක්‍රීඩකයන් නොමැති වුවද එම අඩුපාඩු මකා ගැනීමට පාකිස්‌තානු පුහුණුකරු වකාර් යුනිස්‌ සමත්වුවත් හිටපු පුහුණුකරු ජෝන් බුචනන්ගේ ඉවත්වීමත් සමඟ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ පුහුණුකරු ධුරයට පත්ව සිටින ටිම් නීල්සන්ට එය තවමත් අභියෝගයක්‌ වී තිබේ. කෙසේ නමුත් ඕනෑම අවස්‌ථාවක සුපුරුදු රිද්මයට පැමිණීමේ දක්‍ෂතාවන්වලින් හෙබි කණ්‌ඩායමක්‌ ලෙස ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම හැඳින්විය හැකි බැවින් මෙවර තරගාවලියේදී ඔවුන් කොයි මොහොතක හෝ පිබිදෙනු ඇතැයි නීල්සන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

හිටපු පුහුණුකරු ඩේව් වට්‌මෝර් ඉවත්වීමත් සමඟම එම ධුරයට පත්වූ සිඩන්ස්‌ තම කාර්යය නිසියාකාරව ඉටු කරමින් සිටින බව වත්මන් බංග්ලාදේශ කණ්‌ඩායම ගෙන බැලීෙමීදී දැකගත හැකි වේ. මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්‌ඩායම ලෙස බංග්ලාදේශය හැඳින්වෙන්නේද එම හේතුව නිසාවෙනි. ක්‍රිකට්‌ ක්‍රිඩාවට පෝතකයන් වූ බංග්ලාදේශ කණ්‌ඩායම පසුගියදා නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලිය 5-0 ක්‌ ලෙස අවසන් කළේ කිසිවකුත් නොසිතූ ප§ද්දෙනි.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමද මෙවර කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩකයකු ලෙස ඔටිස්‌ ගිබ්සන් පත්කරගෙන තිබෙන අතර නවසීලන්ත කණ්‌ඩායම ජෝන් රයිට්‌ගේ සේවය ලබාගෙන තිබේ.

මෙම හේතුව මත තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්‌ඩායම් බහුතරයක්‌ කුසලාන දිනා ගැනීම වෙනුවෙන් මහත් බලාපොරොත්තු තබා තිබේ. එහෙත් වඩාත්ම සැලකිල්ලට ගත යුතු මෙන්ම තරයේ මතක තබාගත යුතු කරුණක්‌ද වේ. එනම් පුහුණුකරු ලබාදෙන ඔවදන හෝ සැලසුම එම ක්‍රීඩකයා හෝ කණ්‌ඩායම, එම තරගය තුළදී එය කොතෙක්‌ දුරට සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත්වන්නේද යන්නයි. එය තවත් විදියකට සඳහන් කරන්නේ නම් අවම වශයෙන් වැරදි සිදුකරනු ලබන කණ්‌ඩායමට අවසානයේ ජයග්‍රහණය කරා යැමට ඇති හැකියාව වේ.

චමිල කරවිට

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.