සංස්‌කරණය : නාරද නිශ්ශංක

සුමිත්‍රාගේ ජීවිත කතාව ඇගේ උපන් දිනය දා
S 3 සංවිධානය වෙත භාරදෙයි



ශ්‍රී ලාංකික සිනමාවේ විශිෂ්ටතම සිනමාවේදිනිය වන සුමිත්‍රා පීරිස්‌ මහත්මියගේ අද්විතීය ජීවිත කතාව හා අඩ සියවසක සිනමා ජීවිතය විමර්ශනය කරමින් අජිත් ගලප්පත්ති ලියූ සුමිත්‍රා නමැති ග්‍රන්ථයේ අත්පිටපත S3 සංවිධානය වෙත භාරදීමේ උත්සවයක්‌ හා මාධ්‍ය හමුවක්‌ ඇගේ උපන් දිනය යෙදුණු මාර්තු 24 වෙනිදා ඇගේ නිවසේදී පැවැත්විණි.

මෙය සංවිධානය කොට තිබුණේ S3 සංවිධානය විසිනි. මෙම අවස්‌ථාවට සුමිත්‍රා පීරිsස්‌ මහත්මිය සමඟ සිය සැමියා වන ලෝප්‍රකට සිනමාවේදී ලෙස්‌ටර් ඡේමිස්‌ පීරිස්‌ මහතා ද සහභාගි විය. සිනමා සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය මහතා සහ කැබිනට්‌ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාද, S3 සංවිධානයේ සංගීතා වීරරත්න, සුධර්මා නෙත්තිකුමාර සහ ෂෙරීන් කුමාරතුංග මහත්මීහු ද මෙම අවස්‌ථාවට එක්‌ වූහ. අජිත් ගලප්පත්ති මහතා මෙම ග්‍රන්ථයේ අත් පිටපත S3 සංවිධානය වෙත නිල වශයෙන් භාරදීම මෙහිදී සිදුවිය.
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.