කරච්චල මැද්දෙන් ගිය නොරොච්චෝල ගමන!



2005 වසර වනතුරු මේ රටේ බොහෝ තීන්දු තීරණ ගැනීම සාකච්ඡාවලට පමණක්‌ සීමාවී තිබූ බව ඇත්තකි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පරාජයට පත් කිරීම, හම්බන්තොට වරාය ඉදිකිරීම, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදිකිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම, ගුවන් පාලම් ඉදිකිරීම ආදිය ද මේ කතාබහවලට ලක්‌ව තිබුණා මිස එAවා ක්‍රියාත්මක වන තැනට පත්ව තිබුණේ නැත. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ද වැටෙන්නේ එA ගොඩටමය. ගෙවී ගිය වසර පහට වැඩි කාලය තුළ මේ ව්‍යාපෘති සියල්ලම සාර්ථකව ආරම්භ කර ඇතැම් දේවල අවසානය ද ලකුණු කිරීමට හැකිවීම සැබවින්ම රටත්, මේ රටේ ජනතාවත් ලබා තිබෙන විශාල ජයකි.

ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම අදටත් ආශ්චර්යයක්‌ බඳුය.

නොරොරොච්චෝල බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් නිම කර, එමගින් නිපදවන මෙගාවොට්‌ තුන්සියයක විදුලි බලයක්‌ ජාතික විදුලි පද්ධතියට ද එක්‌කර ඇත. එයද සුවිශාල ජයකි.

2001 දී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය විදුලිබල අර්බුදයක ගිලී සිටි යුගය දැන් අපට සිහිවේ. එකල මේ රටේ පැය විසිහතරෙන් පැය අටක්‌, නවයක්‌ විදුලිය කපා හැරියේ විදුලිබල අර්බුදය මුළු රටේම ආර්ථිකයට මරු පහරක්‌ එල්ල කරමිනි.

විදුලිබල හා බලශක්‌ති ඇමැති මෙන්ම නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා වූ අනුරුද්ධ රත්වත්ත මහතාගේ කාලය විදුලිබල අර්බුදය ද, යුද්ධය ද හිනිපෙත්තටම නැඟ තිබූ කාලයක්‌ බව මේ රටේ පොදු මහජනතාවට මතකය. එA මතකය පවා එක අතකට අමිහිරිය.

ගල්අඟුරු බලාගාරයක්‌ මගින් මෙරටට අවශ්‍ය විදුලිබලය ජනනය කළ යුතු බව කීවේ මීට වසර තිහකට උඩදීය. නමුත් වසර තිහක්‌ම ගල්අඟුරු බලාගාර පිළිබඳ සිහින මැව්වා මිස එවැනි බලාගාරයක්‌ ඉදිකිරීමට පාලකයන් ක්‍රියා කළේ නැත. පුත්තලම, නොරොච්චෝල ප්‍රදේශයේ ගල්අඟුරු බලාගාරයක්‌ ඉදිකළ හැකි බවට ශක්‍යතා අධ්‍යයනයන් ද කර තිබිණි. නමුත් කතෝලික පල්ලියක හුදු විරෝධතාවකට මෙන්ම තවත් කාරණා මත මෙම බලාගාරය ඉදිකිරීම නතර කර දැමීම නිසා පසුගිය කාලයේ මේ රටේ ජනතාව අඳුරේ සිටියා පමණක්‌ නොව විදුලිබලය පැය අට, නවය දක්‌වා කාලයක්‌ කපා හැරීම නිසා රටට අතිවිශාල ආර්ථික පාඩුවක්‌ ද සිදුවිය.

මේ රටේ මුළු විදුලි නිෂ්පාදනයෙන් සියයට අනූපහකට වඩා ජල විදුලි බලාගාරවලින් විදුලිය ජනනය කළ කාලයක්‌ ද තිබිණි. ඊට අමතරව විකල්ප බලශක්‌තීන් වන සුළං හා සූර්ය ශක්‌තිය සහ කුඩා ජල විදුලි බලාගාර ඇරැඹුණේ ඉන්පසුවය. නමුත් මෙරට ජනගහනය වැඩිවීමත්, අවශ්‍යතා ඉහළ යැමත් නිසා අසූව දශකයෙන් පසු ඉල්ලුමට සරිලන විදුලි බලයක්‌ නොමැතිව බරපතල විදුලි අර්බුදයකට රට තල්ලුවී ගියේය. විශේෂයෙන්ම නියං කාලයට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සිඳී යැම නිසා විදුලි අර්බුදයක්‌ වර්ධනය විය. වැස්‌ස තුරන් වී නියඟය එන විට අඳුර ද මේ රටේ ජනතාව වෙළා ගත්තේ මේ විදුලිබල අර්බුදය නිසාය. දිගට හරහට විදුලි බලය කපා දමද්දී, විරුද්ධ දේශපාලන පක්‍ෂ ද බොරදියේ මාළු බාන්නට එA අඳුර ද උපයෝගී කරගත්තා මතකය.

එක්‌සත් ජාතික පෙරමුණ රටේ බලය අල්ලා ගත්තේ ද එA විදුලිබල අර්බුදයට ද පින් දෙමිනි. එතැන් පටන් එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා විදුලිබල හා බලශක්‌ති ඇමැති ලෙස වැඩ පටන් ගත්තේ ද එකී විදුලිබල අර්බුදය දින 180 කින් විසඳන බව කියමිනි.

විදුලි අර්බුදයට ඇමැතිවරයාගේ විසඳුම වූයේ ජල විදුලි නිෂ්පාදනය සියයට තිහට අඩුකර, ඩීසල් බලාගාර මගින් විදුලිය ජනනය කිරීමය. මෙරටට අවශ්‍ය මුළු විදුලි ඉල්ලුමෙන් සියයට හැටපහක්‌ ලබාදීමට හැකිවූ නව ක්‍රමය තාවකාලිකව ලැබූ සැනසුමකි. ඩීසල් බලාගාර මෙරටට ගෙන්වූ ව්‍යාපාරික ප්‍රජාව එA මගින් කෝටි ප්‍රකෝටිපතීන් වන විට විදුලිබිල ඉහළ දැමීමට විදුලිබල මණ්‌ඩලයට සිදුවිය. ලෝකයේ විදුලිය වෙනුවෙන් වැඩිම මිලක්‌ ගෙවන පාරිභෝගිකයන් සිටින රටවල් අතර පෙරමුණ ගන්නට ශ්‍රී ලාංකික අපට සිදුවූයේ ඩීසල් බලාගාරවලින් විදුලි නිෂ්පාදනය නිසාය.

විදේශ ආයෝජකයන් මේ රටට පැමිණ ආයෝජන කරන්නට පෙර කල්පනා කරන, සොයා බලන කාරණා කිහිපයක්‌ තිබේ. එකක්‌ ලාබ ශ්‍රමයය. අනෙක විදුලි බලයේ මිල ගණන් ඇතුළු යටිතල පහසුකම්වල තත්ත්වයය. යුද්ධය හා සාමය පිළිබඳ ආයෝජකයන් කල්පනා කරන බවද ඇත්තකි.

මේ රටට එන ආයෝජකයන් ආපසු හැරී යන්නට යුද්ධය මෙන්ම විදුලිබලයේ මිල ගණන් ද බලපෑ බව බොහෝ දෙනෙක්‌ නොදනිති.

2005 දී චන්ද්‍රිකා වෙනුවට මහින්ද රාජපක්‍ෂ මහතා බලයට නොඑන්නට නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය අදත් කඩදාසි සැලසුමක්‌ පමණි.

2006 මැයි 11 වැනිදා නොරොච්චෝල ගල්අඟරු බලාගාරයට මුල්ගල් තබද්දී ඊට එරෙහි වූ ආගමික නායකයෝ ද, දේශපාලනඥයන් ද සිටියහ. එA බාධක ජයගත් නව රජය වැඩේට අත ගැසුවේය. චීන රජය නොරොච්චෝල බලාගාරය ඉදිකිරීමට ණය ආධාර මෙන්ම ඉංජිනේරු හා ශ්‍රම බළකාය ද මෙරටට ලබාදුනි. බලාගාරය නිසා ඉඩම් අහිමිවූ පවුල් අසූවකට දළුව ප්‍රදේශවල මංමාවත් ඇතුළු යටිතල පහසුකම් ද දියුණු කළ රජය 2007 දී බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කළේ වසර ගණනාවක සිට සැලසුම්වලට පමණක්‌ සීමා වී තිබූ සිහිනයක්‌ සැබෑ කරමිනි.

පළමු අදියර සඳහා චීනයේ එක්‌සිම් බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 455 ක්‌ ණය ආධාර ලෙස ලබාදුන්න ද රජය ද දේශීය මුදල් ලෙස රුපියල් මිලියන 5,300 ක්‌ එA සඳහා වැය කළේය. නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අදියර තුනක්‌ යටතේ ඉදිකිරීමට මුලින් සැලසුම් කර තිබිණි. මුල් අදියර මගින් මෙගාවොට්‌ තුන් සියයක්‌ ද, දෙවැනි හා තෙවන අදියර යටතේ තවත් මෙගාවොට්‌ හයසියයක්‌ ද මෙමගින් නිපදවීමට නියමිතය. පළමු අදියර යටතේ නිපදවන මෙගාවොට්‌ තුන් සියය යනු විදුලි එAකක (මබසඑ) මිලියන 2200 ක්‌ නිපදවීමය.

ව්‍යාපෘතිsයේ දෙවැනි අදියර සඳහා චීන රජය ඇමරිකානු ඩොලර් මිලියන 891 ක්‌ද, ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 11,000 ක්‌ද වෙන් කර තිබේ.

පසුගිය 22 වැනිදා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ පළමු අදියර යටතේ නිපදවන මෙගාවොට්‌ තුන්සියය ජාතික විදුලි පද්ධතියට එක්‌ කළේය.

1970 දී රටේ මුළු ජනගහනයෙන් විදුලිය හිමි වූයේ සියයට හතරකට පමණි. ඉංගී්‍රසීන්ගේ පාලන කාලයේදී විදුලිය එA අයගේ කාර්යාල හා නිවාසවලට පමණක්‌ සීමාවී තිබිණි. එA බව කවුරුත් දනිති.

දැන් අපට විදුලිබලය අත්‍යවශ්‍ය දෙයක්‌ බවට පත්ව ඇත. විදුලිබලය නොමැතිව පැයක්‌ දෙකක්‌වත් සිටිය නොහැකි තැනට මේ රටේ ජනතාව පුරුදුව සිටිති. ලංකා විදුලිබල මණ්‌ඩලය දිනකට කෝටි හතක්‌ පමණ පාඩු ලැබුවේ ද ඩීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගෙන ඊට වඩා අඩු මිලකට විදුලිය පාරිභෝගිකයන් වෙත විකුණූ නිසාය. දැන් විදුලිබල මණ්‌ඩලය ලාබ ලබා ඇතැයි කියති. එය තාවකාලිකව ලැබූ ලාබයකැයි අපි සිතමු. විදුලි බිල්පත් එකතු කිරීම, වෙනත් විසඳුම් කපා හැරීම හරහා එකතු කරගත් මුදල්වලින් පමණක්‌ නොව ලාබදායි විදුලි උත්පාදන ක්‍රම මෙන්ම නාස්‌තිය හා දූෂණය ද අඩු කරගෙන දීර්ඝකාලීනව විදුලිsයෙන් ලාබ ලබාගැනීමට විදුලිබල මණ්‌ඩලයට සැලසුමක්‌ තිබිය යුතුය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් පසුව තවත් ගල්අඟුරු බලාගාරයක්‌ ඉදි නොකරන තැනට විදුලිබල ඇමැතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන ඇත. න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිෂ්පාදනයට මේ රට යොමුවේදැයි අපි නොදනිමු. එA සඳහා අපට ඇති හැකියාව පිළිබඳව ද අපි නොදනිමු. µqකුෂිමා බලාගාරය නිසා න්‍යෂ්ටික විදුලිබලාගාර පිළිබඳ ලෝකයම බියට පත්ව සිටින මොහොතක න්‍යෂ්ටික බලයක්‌ පිළිබඳ දුප්පත් ශ්‍රී ලංකාවට සිතන්නට ඇති හැකියාව ද නොදනිමු.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය මගින් දැන් මෙගාවොට්‌ තුන්සියයක්‌ නිපදවේ. මෙය අපේ රටේ බලශක්‌ති අර්බුදයට නව ගැම්මක්‌ එක්‌ කළ බලාගාරයකි. එතැනින් එහාට යන විදුලි උත්පාදන ක්‍රමයක්‌ රටට ඇවැසිය. මේ රට දවසින් දවස සංවර්ධනය වද්දී බලශක්‌ති අර්බුදය ද අලුත් වන බව මතක තබාගත යුතුය. සංවර්ධනය යනු එක අතකට විනාශයකි. නමුත් ජාතියක්‌ ලෙස අප සංවර්ධනය ළඟා කරගත යුතුය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වසර ගණනාවක්‌ තිස්‌සේ ඉදි නොකර බලා සිටි අප අර්බුදය මුළු රටටම, ජාතියට දැනුණු පසු ඉදි කළා සේ අනාගත බලශක්‌ති අර්බුදය අප තවත් පස්‌සට තල්ලු කර දමනතුරු බලා නොසිට එA අභියෝග ද ජය ගන්නට දැන් සිටම කටයුතු කළ යුතු නොවේද?

ශිරාන් රණසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.