ගල් අඟුරු දිගුකාලීන විසඳුමක්‌ නොවේ
විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක

ලංවිම අද වැටී ඇති මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුව වන්නේ අඩු මිලට විදුලිය නිපදවීමට නොහැකි වීමයි. එයින් කොටසක්‌ එහි පාඩුව ලෙස ද අනෙක්‌ කොටස අධික විදුලිබල බිල ලෙස ද අවසානයේ ජනතාව මත පැටවේ. ජනතාව වෙනුවෙන් කියා සටන් කරනා විරෝධතාකරුවන්ගේ අදූරදර්ශී සටන් පාඨවලට යටවීමේ යථාර්ථය එයයි. අනෙක්‌ අතින් ගල් අඟුරු නිසා කාබන් වායුව නිකුත්වේ. දැනට යෝජිත බලාගාරය (300 ඵඋ) නිසා ලංකාවේ එAක පුද්ගල විමෝචනය වසරකට කිs.ග්‍රෑ. 110 ක්‌ පමණ ඉහළ යනු ඇත. වර්තමානයේ (2010) සමස්‌ත එAකපුද්ගල විමෝචනය කි.ග්‍රෑ. 660 ක්‌ වන අතර, මේ බලාගාරය නිසා එය වසරකට කි.ග්‍රෑ. 770 දක්‌වා ඉහළ යනු ඇත.

යෝජිත ඉදිරි බලාගාර (අදියර 02 හා සාම්පූර්) නිසා සමස්‌ත විමෝචනය වසරකට කි.ග්‍රෑ. 490-500 කින් ඉහළ යනු ඇත. සමස්‌ත විමෝචනය පුද්ගලයකුට වසරකට කි.ග්‍රෑ. 1150-1200 ක්‌ පමණ වනු ඇත. දැනට ඉන්දියාවේ මෙය කි.ග්‍රෑ. 2100 කි. චීනයේ කි.ග්‍රෑ. 6800 ක්‌. යුරෝපයේ කි.ග්‍රෑ. 11,000 ක්‌ ඔස්‌ටේ්‍රලියාවේ 21,000 ක්‌ද, එක්‌සත් ජනපදයේ 24,000 ක්‌ද වේ. පරිසර හිතකාමී ප්‍රමාණය කි.ග්‍රෑ. 2100 ක්‌ පමණ වන බව ජාත්‍යන්තර දේශගුණ විපර්යාස මණ්‌ඩලය ප්‍රකාශ කරයි. එහෙයින් වායු දූෂණයක්‌ වුවද එය පැහැදිලිවම මහපොළොවට දරාගත හැකි මට්‌ටමේ එකක්‌ වන අතර, ශ්‍රී ලංකාව දිගු කාලීන සැලසුම්වලට අනුව 2030 න් පසු එAකපුද්ගල විමෝචනය අඩු කිරීමටත්, 2030 දක්‌වා එය ගෝලීය සම්මතවලට යටින් තබාගෙන යැමටත්, සැලසුම් කර ඇත. ගල්අඟුරු බලාගාරවලින් නිකුත් වන අළු මගින් ගොඩනැඟිලි හා වෙනත් ද්‍රව්‍ය නිර්මාණයට ද සිමෙන්ති නිෂ්පාදනයට ද දැනටමත් ඉල්ලුමක්‌ ඇති වී ඇත.

පරිසරවේදීන් ගල් අඟුරු බලාගාරය සහමුලින් ඉවත් කිරීමට සටන්කොට අඩු තරමින් එයින් 5% ක්‌ වත් දර ආශ්‍රිත ජීව ඉන්ධනවලින් දහනය වන ආකාරයේ යෝජනාවක්‌ ගෙන ආවා නම් පුත්තලම හා ත්‍රිZමලය අවට ගොවීන්ට ඉමහත් ප්‍රතිධානයක්‌ එයින් ලැබෙන්නටත්, විදේශ විනිමය ඉතුරු කිරීමටත් ඉඩ තිබිණි. මෙය අපේ අගතිකාමී විරෝධතාවලට තවත් හොඳ උදාහරණයකි. මෙයට පෙර මෙයම කුකුලේ ගඟ හා ඉහළ කොත්මලේ යෝජනා ක්‍රමවලදී ද සිදුවිය. පටු විsරෝධතා නිසා එAවායේ සමස්‌ත ප්‍රතිලාභය රටට අහිමි විය. ප්‍රතිඵලය වූයේ වැඩි මිලට තාප විදුලිය ගැනීමය. පුත්තලම ගල් අඟුරු බලාගාරයට අවසන් වතාවට ගිවිසුම් ඇති වූයේ 2005 වසරේදීය. පල්ලියේ දැඩි විරෝධය නිසා එය ක්‍රියාවට නැංවීමට නොහැකි විය. 2006 වසරේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එයට මුල්ගල තැබූ අතර, 2011 දී එය යථාර්ථයක්‌ වන්නේ එතුමාගේ සුරතින්ම එය විවෘතවීමෙනි.

ගල් අඟුරු කිසිසේත්ම දිගුකාලීන විසඳුමක්‌ නොවේ. වසර 2030 න් පසු එය අපේ ජනන සැලසුම්වල නැත්තේ එA නිසාය. එහෙත් ඩීසල් හා දැවි තෙල් මත යෑපී ඉමහත් පාඩු ලබමින් සිටිනා ලංවිමට එකී අර්බුදයෙන් ගොඩඑන්නට ගල් අඟුරු තාප බලාගාර අද අත්‍යවශ්‍ය වී තිබේ. ගල් අඟුරු පමණක්‌ නොව ද්‍රව, වායු හා න්‍යෂ්ටික බලය පිළිබඳව ද සිතන්නට අපට සිදුවී තිබෙන්නේ එA නිසාය. දිගුකාලීන විසඳුම ඇත්තේ පරිසර හිතකාමී හරිත බලශක්‌තිය මතය. තිරසර සංවර්ධනයක පදනම වන්නේ එයයි. එතෙක්‌ අපි වැටුණු වළෙන් ගොඩඑAම සඳහා ගල්අඟුරු යොදාගත යුතු වෙමු.

බලි රාවණ, තාරක යුගයන් පසුකර කුවේණියට නිජබිම වූ තම්මැන්නාවේ ඉදිවූ "ලක්‌විජය" බලාගාරය කියාපාන්නේ එදා විජයට තරහක්‌ ඇතිවූ ශිෂ්ටාචාරයේ ඉදිරි මඟ ඉදිරි දශකයේදී උදාවන බවයි. "ලක්‌විජය" අපට බලශක්‌ති අර්බුද සයුරෙන් එතෙරවීමට ඇති පහුරකි. අපේ අනාගතය බල ගන්වන්නට එය අපට ඉමහත් රුකුලක්‌ ද වනු නොඅනුමානය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.