ලිබියානු ආක්‍රමණයට හේතුව
ගඩාෆි තෙල් ජනසතු කිරීමට සැලසුම් කිරීමයි

ෆ ගඩාෆිට එරෙහිව ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය කැරලිකරුවන්ට සහයවීම සඳහා ජනාධිපති ඔබාමා අවසර දෙයි.

ෆ 1980 දී බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කළ ලිබියානු විදේශ ඇමැති මුසා බ්‍රිතාන්‍යයට පැන එයි.

ෆ අපි පරාජය වෙනවා - අවි ආයුධ සපයන්න යෑයි කැරලිකරුවන් කියා සිටී.

ෆ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බිඳ දමමින් ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ලිබියානු කැරලිකරුවන්ට අවි ආයුධ සැපයීමට එකඟ වේ.

ෆ කැරලිකරුවන්ට අවි සැපයීම නීති විරෝධියි - නේටෝ මහ ලේකම් ඇන්ටන් රාස්‌ට්‍රයෙන්

ෆ ලිබියානු කැරලිකරුවන් අතර අල්කයිඩා ත්‍රස්‌තයන් සිටින බව නේටෝ බළකායේ ප්‍රධානියා පවසයි

ෆ මියගිය බව පවසන ගඩාෆිගේ පුත් කායින් ලිබියානු රූපවාහිනියේ

ෆ ලිබියානු ආක්‍රමණයට ඩොලර් මිලියන 550 ක්‌ වැයවෙලා

ලිබියාව ආක්‍රමණය කිරීමේ රහස්‌ දැන් අනාවරණය වී ඇත. 2009 ජනවාරි 25 වැනිදා ලිබියානු නායක ගඩාෆි අඩු තෙල් මිල නිසා විදේශ තෙල් සමාගම් ජනසතු කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක්‌ කරන බව ප්‍රකාශ කරනු ලැබීය.

ගඩාෆිගේ මේ ප්‍රකාශයත් සමගම ලිබියාව තුළ ක්‍රියාත්මක වූ ඇන්ග්ලෝ ඩඩ් ෂෙල් බ්‍රිටිෂ් පෙට්‌රෝලියම් - ඇමරිකානු එක්‌සත් මොබයිල් - ගෙස්‌ කෝපරේෂන් - මැරකන් ඔයිල් - ඔක්‌සිඩන්ටල් පෙට්‌රෝලියම් - කොනකෝ පිලිප්ස්‌ - ස්‌පැනිස්‌ රෙප්සල් ජර්මනියේ වින්ටර්ෂල් - ඕස්‌ටි්‍රයාවේ ඕ. එම්. වී. - නෝර්වේහි ස්‌ටැට්‌ ඔයිල් - ඊනි සහ කැනඩාවේ පෙට්‌රෝ කැනඩා යන දැවැන්ත තෙල් සමාගම්වල ප්‍රධානීහු බියට පත්වූහ.

ජනතා විප්ලවය නමින් හඳුන්වමින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ජාත්‍යන්තර නීති කඩමින් ලිබියාවට එරෙහිව දියත් කළ මේ ආක්‍රමණකාර මෙහෙයුමට මුල් වූ පසුබිම ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැනගැනීම සඳහා අපි අනාවරණය කරන්නෙමු.

මෙයට පෙර අගමැති ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ඝාතනය වූයේ ද ෂෙල් - කැල්ටෙක්‌ස්‌ සහ එසෝ වැනි ඇමරිකානු තෙල් සමාගම් ජනසතු කිරීම නිසා යෑයි අනාවරණය විය.

2008 වසරේදී ලිබියානු රාජ්‍ය තෙල් සමාගම වූ නැෂනල් ඔයිල් සමාගම විමර්ශන වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් විදේශ තෙල් සමාගම් සමග ඇති ගිවිසුම් ප්‍රතිශෝධනයට ලක්‌ කළ යුතු බව න්වා තිබිණි.

මෙම ප්‍රතිශෝධනය නිසා ලිබියාවට ඩොලර් බිලියන 5.4 ක අමතර ආදායමක්‌ ලැබෙන බවද එම වාර්තාවේ සඳහන් විය. මේ අනුව 2009 පෙබරවාරි 16 වැනිදා ගඩාෆි ප්‍රකාශයක්‌ කරමින් තමාගේ යෝජනාවට සහය දක්‌වන ලෙසත් ඉන් රටේ මිලියන පහක ජනතාව වෙත යොමුවන බවත් කියා සිටියේය.

එහෙත් ගඩාෆිsගේ මේ සැලැස්‌මට ලිබියානු නිලධාරීන්ගේ විරෝධය මතු වූයේ ඔවුන් හා තෙල් සමාගම් අතර පවතින දූෂණ කටයුතු අනාවරණය වනු ඇතැයි සැකයෙනි. "තෙල්වලින් ලැබෙන මුදල් සෘජුවම ජනතාවට යා යුතුයි රජයේ නිලධාරී යාන්ත්‍රණයේ වෙනස්‌වීමක්‌ අවශ්‍ය" යෑයි ගඩාෆිs ලිබියානු රූපවාහිනිය අමතා සඳහන් කළේය.

මෙලෙස ගඩාෆි විසින් තෙල් සම්පත තුළින් ලැබෙන මුදල් ජනතාව වෙත යායුතු බවටත් විදේශ තෙල් සමාගම් සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම් ප්‍රතිශෝධනය කළ යුතු බව දන්වමින් ගෙන ආ යෝජනාවට ජනතා නියෝජිතයන් 468 ගෙන් පක්‍ෂ වූයේ 64 ක්‌ පමණි.

251 ක නියෝජිතයන් එකී යෝජනාව යහපත් යෑයි පැවසුවත් ඊට අනුමැතිය දීම ප්‍රමාද කර ඇත. "තෙල් සම්පත මුළුමනින්ම රජය සතුවිය යුතුයි එවිට අපට ඉතා හොඳ මිල පාලනයක්‌ ඇති කළ හැකියි. එසේම තෙල් නිෂ්පාදනය වැඩි කිරීම හෝ අඩු කිරීම කළ හැකියි" යෑයි ගඩාෆි තවදුරටත් පැවසීමෙන් ලිබියාව තුළ ක්‍රියාත්මක වූ බහු ජාතික සමාගම් ප්‍රධානීහු ඒ බව ලෝක බලවතුන් වෙත දැනුම් දී තිබේ.

ලිබියානු තෙල් සම්පත ජනසතු කිරීමට යැමෙන් කර්නල් ගඩාෆි බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත්විය. මේ අතර ලිබියානු කැරලිකරුවන් කණ්‌ඩායමක්‌ විසිනි. මොවුන් අල්කයිඩා ආධාරකරුවන්. ඔවුන්ට අවශ්‍ය ලිබියාව විනාශ කිරීම යයි ගඩාෆි ලිබියානු රූපවාහිනිය අමතා කියා සිටියේය.

ගඩාෆිගේ මේ අල්කයිඩා හෙලිදරව්ව ඔබාමා ප්‍රමුඛ බටහිර රටවල් ඉවත දැමූහ. එහෙත් දැන් ඒ බව නේටෝ බළකායේ ප්‍රධානියා විසින් පිළිගෙන ඇත. ඇලෙක්‌සැන්ඩර් කොන්ඩර්ස්‌ නමැති විමර්ශකයා දක්‌වන්නේ 2008 ටි්‍රපොලි නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලය යෑවූ රහසිගත යුද රහස්‌ ලියවිල්ලකින් අල්කයිඩා අන්තවාදය ලිබියාවේ වර්ධනය වන බවට අනතුරු අඟවා තිබූ බවයි.

වෙනත් රටවලට වඩා ලිබියාවෙන් අල්කයිඩා සටන්කරුවන් රැසක්‌ බිහිවී තිබෙනවා යෑයි ඇමරිකානු විමර්ශන වාර්තාවකද සඳහන් විය.

එසේ වුවත් අල්කයිඩා ත්‍රස්‌තයන්ගේ තර්ජනය ගැන ගඩාෆි කළ අනතුරු ඇඟවීම පසෙකලා රහසිගත ක්‍රියාදාමයක්‌ දියත් විය.

මේ සැලසුමේ අංක 1 ටියුනීසියාව, අංක 2 ඊජිප්තුවයි. ලිබියාවද ඊට ඇතුළත් වී තිබිණි.

මේ අතර රුසියානු බුද්ධි සේවාව විසින් ලිබියාවේ බෙන්ගායි නුවර ලිබියානු කැරලිකරුවන් සමග අල්කයිඩා ත්‍රස්‌තයන් සබඳකම් පවත්වන බව හෙළිකරනු ලැබීය.

ලිබියානු කැරලිකරුවන්ගේ නායකයා වූ අබ්දෙල් හකීම් ඊයේ ප්‍රකාශයක්‌ කරමින් ගඩාෆිsට එරෙහිව සටන්වදින කැරලිකරුවන් අතර අල්කයිඩා පිරිසක්‌ද සිටින බව හෙළිකර ඇත. තිමොති බ්‍රැන්ක්‍රොප්ට්‌ නමැති විමර්ශකයා ලිබියානු අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස පවසයි. එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ස්‌වෛරී රාජ්‍යයක සිටින කැරලිකරුවන්ගේ කණ්‌ඩායමක්‌ සන්නද්ධ කිරීම මුළුමනින්ම එම ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක. ලිබියානු කැරලිකරුවන්ගේ නායක අල්කයිඩා ඉතාලියේ යෝලේ 24 පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් ඉරාකයේ ඇමරිකානු හමුදාවන්ට එරෙහිව යුද වැදීම සඳහා තමා ලිබියාවේ බෙන්ගායි නගරයේ සිට මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගෙන්වූ බව පවසා තිබිණි.

මේ නිසා ජාත්‍යන්තර නීතිය බිඳ දැමීම සම්බන්ධයෙන් බරක්‌ ඔබාමා, හිලරි ක්‌ලින්ටන්, ඩේවිඩ් කැමරන් හා සාකෝසි ඉල්ලා අස්‌විය යුතු යෑයි එම විමර්ශනය කියා සිටී. මේ අතර නේටෝ බළකායේ අණදෙන නිලධාරී අද්මිරාල් ඡේම්ස්‌ ස්‌ටාරිවිස්‌ ප්‍රකාශයක්‌ කරමින් ලිබියානු කැරලිකරුවන් අතර අල්කයිඩා ත්‍රස්‌තයන් සිටින බව ඇමරිකානු බුද්ධි සේවාව විසින් සොයාගත් බව දන්වා ඇත. එහෙත් කැරලිකරුවන්ව සන්නද්ධ කිරීමට ඇමරිකාව, කටාර් හා බ්‍රිතාන්‍ය රජය විසින් එකඟවී තිබේ. බ්‍රිතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් පවසන්නේ කැරලිකරුවන්ට ආයුධ සැපයීම නීත්‍යානුකූල බවයි.

එහෙත් එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව කැරලිකරුවන්ට ආයුධ සැපයීම නීති විරෝධියි.

එහෙත් ගඩාෆිව පරාජය කිරීමට නම් තමන්ට බලගතු අවි ආයුධ සපයන්නැයි කැරලිකරුවෝ ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් නේටෝ සංවිධානයේ මහලේකම් ඇන්ටන් රස්‌වුසෙන් පවසන්නේ කැරලිකරුවන්ට අවිආයුධ සැපයීමට 1973 එක්‌සත් ජාතීන්ගේ යෝජනාවෙන් ඉඩක්‌ නැති බවයි.

එසේ වුවත් හිලරි ක්‌ලින්ටන් හා ඩේවඩ් කැමරන්ට එම යෝජනාව වැඩක්‌ නැත. යෝජනාව කෙරේ තැකීමක්‌ද නැති බව පැහැදිලිය.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක කරන්නේ ගඩාෆි ද නැත්නම් හිලරි ක්‌ලින්ටන් හා ඩේවිඩ් කැමරන්ද යන්නයි.

එහෙත් සැබෑ යථාර්ථය නම් ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සැබෑ ත්‍රස්‌තවාදයේ ආධාරකරුවන් බව සනාථ වීමයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.