ලිබියානු ප්‍රහාරවලට කටාර්¨ දේශයත් එක්‌වෙයි

පර්සියානු මුහුදේ කුඩා දිවයිනක්‌ වන කටාර් දේශයද දැන් ඒකාබද්ධ හමුදාවල සහායට තම ගුවන් හමුදා යොදවා ඇත. අරාබි රටවල් අතර පළමුව සෘජුවම මෙම යුද්ධයට සම්බන්ධ වූයේ කටාර් දේශයයි. මෙයට අමතරව එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය ගුවන් යානා 12 ක්‌ ලබාදීමට ද තීරණය කර ඇත.

2022 වසරේ ලෝක පාපන්දු ශූරතාව පැවැත්වීමට නියමිත ඛනිජ තෙල් සහ ගෑස්‌වලින් පොහොසත් කටාර් දේශයේ ගුවන් හමුදාවේ ජෙනරාල් මුබාරක්‌ අල් කයානින් පැවසුවේ අරාබි රටවල් අතරින් කවුරු හෝ මෙම අවස්‌aථාවේ ලිsබියානු නායකයාට දඬුවම් කිරීමට ඉදිරිපත් විය යුතු බවය.

රටවල් 22 කින් සමන්විත අරාබි ලීගය ලිබියානු ගුවන් හමුදාවේ ගුවන් ගමන් සීමාකිරීමේ එක්‌සත්a ජාතීන්ගේ යෝජනාවට පක්‍ෂව සිටියද ඔවුන් කිසිවෙක්‌ මෙතෙක්‌ සෘජුවම සම්බන්ධ වූයේ නැත.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.