මුලතිව් උතුරු මුහුදේදී ඩිංගි බෝට්‌ටුවක්‌ සමග
නාවික සෙබළු 4 ක්‌ අතුරුදන්

ලසිත දුමින්ද

මුලතිව් උතුරු මුහුදේ ආහාර ද්‍රව්‍ය රැගෙන ගමන් කරමින් තිබූ නාවික හමුදා බෝට්‌ටුවක්‌ එහි සිටි නාවික සෙබළුන් හතර දෙනකු සමඟ පෙරේදා (30 වැනිදා) අතුරුදන්ව ඇත.

මෙම නාවික හමුදා සෙබළුන් ඉකුත් 29 වැනිදා රාත්‍රියේ චුන්ඩිකුලම් සිට චලෙයි ප්‍රදේශයට ආහාර ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී අතුරුදන්ව ඇතැයි නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය "දිවයින" ට පැවැසීය.

නාවික හමුදා සෙබළුන් බෝට්‌ටුව සමඟ අතුරුදන්වීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය හා ඉන්දීය නාවික හමුදාව දැනුවත් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය. නාවික හමුදාවට අයත් ඩිංගි බෝට්‌ටුවක්‌ සමඟ සෙබළුන් මෙසේ අතුරුදන්ව ඇති අතර, නාවික හමුදාව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්‌ අරඹා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.