ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ජනාධිපති ඉන්දියා යයි

අනුර බාලසූරිය

මුම්බායි නුවර වැන්කෙඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හෙට (2) පැවැත්වෙන 2011 ලෝක කුසලාන අවසාන ක්‍රිකට්‌ තරගය නැරඹීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව යයි. ජාත්‍යන්තර ක්‍රිකට්‌ සංගමයේ සභාපති ෂාරාඩ් පවාර් මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත්වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අවශ්‍ය පහසුකම් සියල්ල ඉන්දීය රජය මගින් සලසා ඇත.

සුපිරි දඟපන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ගෞරව පිණිස ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රහණය පතා ශ්‍රී ලංකා කණ්‌ඩායම වටා එක්‌රොක්‌වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සියලු ලක්‌වාසීන්ගෙන් ඉල්ලා සිටී.

මුරලිදරන් මව් රටේදී සහභාගිවූ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාව ජයගැනීමෙන් පසු මුරලිදරන් ඇතුළු ශ්‍රී ලංකා කණ්‌ඩායමට සුබ පැතූ ජනාධිපතිවරයා මුරලිදරන් උෙද්‍යාaගිමත් සැබෑ ශ්‍රී ලාංකිකයකු ලෙස හැඳින්වීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.