විශේෂ ගුවන් යානයක්‌ හෙට මුම්බායි බලා යයි

සිරිමන්ත රත්නසේකර, ප්‍රභාත් විතාන

ඉන්දියාවේ මුම්බායි නුවරදී හෙට (02 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය නැරැඹීම සඳහා එරටට යන ප්‍රේක්‍ෂකයන් රැගත් විශේෂ ගුවන් යානයක්‌ හෙට (02 වැනිදා) පියාසර කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. මෙම විශේෂ ගුවන් යානය හෙට (02 වැනිදා) පෙරවරු 7.00 ට කොළඹ කටුනායක ගුවන් තොටුපළින්a ඉන්දියාව බලා පිටත් වන බවත් එය මුම්බායි නුවර වෙත පෙරවරු 9.25 ට ළඟාවීමට නියමිත බවත් එම සමාගම පවසයි.

එම ගුවන් යානය නැවත අනිද්දා (03 වැනිදා) පෙරවරු 5.00 ට මුම්බායි නුවරින් මෙරට බලා පිටත් වන බවත් එය කොළඹ කටුනායකට පෙරවරු 7.20 ට ළඟාවීමට නියමිත බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.