ක්‍රෙඩිට්‌ කාඩ් වංචා පිළිබඳ පොලිස්‌
විමර්ශනවල සහායට විශේෂඥ මණ්‌ඩලයක්‌


රනිල් ධර්මසේන සහ ලසිත දුමින්ද

ක්‍රෙඩිට්‌ කාඩ්පත් වංචාවක්‌ සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන විමර්ශනවලට සහාය වීම සඳහා විශේෂඥ මණ්‌ඩලයක්‌ පත් කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

2006 අංක 30 දරණ ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යටතේ මෙම පත් කිරීම සිදු කරනු ලබයි.

විද්යුත් ඉංජිනේරු ශිල්පය හෝ මෘදුකාංග ඉංජිනේරු ශිල්පයේ සුදුසුකම් ඇති පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මෙම විශේෂඥ මණ්‌ඩලයට හේමසිරි කරුණානායක තුවාන් ඉර්ෂාඩ් හලාල්දීන්, බිමල්a ගුණපාල, විරාඡ් මුදලිගේ, නලීන් සරත් කුමාර විඡේරත්න, කේ. ජී. පී. සිරිකුමාර යන මහත්වරු හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අයත් වෙති.

මේ අනුව මෙම විශේෂඥ මණ්‌ඩලය පත් කිරීමේ යෝජනාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.