කොටි හිතවාදීන් කැනඩාවට ගෙන ගිය
බොරු කකුල් ශංකර් ඇල්ලීමට
ජාත්‍යන්තර පොලිස්‌ වරෙන්තුවක්‌


කීර්ති වර්ණකුලසූරිය

කොටි හිතවාදීන්ව ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට යෑවීමේ ජාවාරම මෙහෙයවූ මුහුදු කොටි ක්‍රියාකාරිකයෙකු වූ කාන්තන්කරන් ෂන්මුගසුන්දරම් හෙවත් බොරු කකුල් ශංන්කර් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය ඊයේ (31 දා) අන්තර් ජාතික වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ ජාත්‍යන්තර අංශය කළ දැනුම්දීමක්‌ මත මෙම නිවේදනය නිකුත් වී තිබේ. ප්‍රින්සස්‌ ඊශ්වරි නමැති කොටි ආයුධ නැව මෙහෙයවූ ශංකර් ප්‍රභාකරන්ට අවසාන මොහාතේ අවි තොගයක්‌ රැගෙන අවුත් කොටින් පරාජය වී ඇතැයි දැනගෙන එම අවි මුහුදට විසිකර ඇත.

බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක්‌ හිමි ශංකර් නමැත්තා "රවි ශංකර් යන නමින් ඊශ්වරි නැව මෙහෙයවා තිබේ.

ශංකර් විසින් මෙයට මාස කිහිපයකට පෙර ඊශ්වරි නැවෙන් කොටින් 76 ක්‌ කැනඩාවට යවා තිබියදී කැනඩා පොලිසියට අසු විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.