ලොතරැයි මණ්‌ඩලය මාස 3 කදී කෝටිපතියන් 7 දෙනකු බිහිකරයි

ජාතික ලොතරැයි මණ්‌ඩලය මේ වසරේ ඉකුත් මාස තුන ඇතුළතදී පමණක්‌ කෝටිපතියන් හත්දෙනකු බිහිකළ බව එම මණ්‌ඩලය සඳහන් කරයි.

හත්වන කෝටිපතියා මාර්තු 29 දා දිනුම් අදිනු ලැබූ 2376 වන මහජන සම්පත ලොතරැයියට හිමි රුපියල් දෙකෝටි හතළිස්‌ අට ලක්‍ෂ අසූදහස්‌ එකසිය හැට දෙකක (24,880,162) මුදල ජයග්‍රහණය කිරීමත් සමග බිහි කෙරිණි.

මෙම ලොතරැයිපත කුරුණෑගල ප්‍රදේශයෙන් අලෙවි වී ඇති බවද ජාතික ලොතරැයි මණ්‌ඩලය සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.