ශ්‍රී ලංකාවට එරෙහි කැනඩා මන්ත්‍රීගේ
යෝජනාව පරාජයට පත්වෙයි


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා රජයට එරෙහිව යුද අපරාධ සම්බනAධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළ යුතු යෑයි කැනඩා මන්ත්‍රීවරයකු වූ පීටර් ජුලියන් ඉදිරිපත් කළ යෝජනාව කැනඩා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී ඇත.

මෙම යෝජනාවට සහාය දක්‌වන බවට කොන්සර්වෙටිව් පක්‍ෂය කලින් ප්‍රකාශ කළත් අවසාන මොහොතේදී සහාය දැක්‌වීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

කැනඩාවේ කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධානය වෙනුවෙන් මෙම යුද අපරාධ චෝදනාව පාර්ලිමේන්තුවට යොමු කළ පීටර් ජුලියන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර සමුළුව හා ශ්‍රී ලංකා රජයද එක්‌වී මේ විමර්ශනය කළ යුතු යෑයි දන්වා ඇත.

මෙම යෝජනාවට සහාය දක්‌වා ඇත්තේ ලිබරල් කුචිටෙත් බ්ලොන් නමැති බෙදුම්වාදී පක්‍ෂයේ මන්ත්‍රීවරු කණ්‌ඩායම පමණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.