කැලණිය ප්‍රා. සභාවේ ප්‍රතිපාදනවලින්
ජවිපෙට තඹ දොයිතුවක්‌ දෙන්න එපා

- ඇමැති මර්වින් කැලණි ප්‍රා. සභාවේ සභාපතිට කියයි

නෝමන් පලිහවඩන සහ ආර්. ඒ. නිමල් - කැලණිය

කැලණිය ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන මුදල්වලින් ජනතා විමුක්‌ති පෙරමුණට තඹදොයිතුවක මුදලක්‌ දෙන්න එපා යෑයි කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් තමා කාරුණිකව ඉල්ලා සිටින බව මහජන සම්බන්ධතා සහ මහජන උපයෝගීතා ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ පෙරවරුවේ කැලණිය ප්‍රාදේශීය සභාවේ පැවැති උත්සව සභාවක්‌ අමතා ප්‍රකාශ කළේය.

කැලණිය ප්‍රාදේශීය සභාවට අලුතින් තෝරාපත්කර ගන්නා ලද ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ප්‍රමුඛ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වැඩ භාර ගැනීමේ උත්සවයේදී ඇමැතිවරයා සභාපතිවරයාගෙන් මෙම ඉල්ලීම කළේය.

අද මේ වටිනා උත්සවයට එජාපයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අපේ ඇරයුම පරිදි සහභාගි වුණා. ඒක සතුටට කරුණක්‌. ඒත් ජනතා විමුක්‌ති පෙරමුණ මෙම උත්සවයට සහභාගි වුණේ නැහැ.

ඒ උදවියගේ හිත කුහකයි. කැත හිත් තියාගෙන මේ උත්සවයට එන්න අමාරුයි. මම කියනවා ජනතා විමුක්‌ති පෙරමුණ වෙනුවෙන් තඹදොයිතුවක මුදලක්‌ ප්‍රතිපාදනවලින් දෙන්න එපා කියලා.

එජාප උදවියට ප්‍රතිපාදන මුදල් ඕනෑනම් මට කියන්න. මම ඒ ගැන සලකා බලා ක්‍රියා කරනවා.

ප්‍රාදේශීය සභාවේ විපක්‌ෂ නායක තනතුරට එජාපයෙන් පත්වී සිටින සුමංගල සමරවීර දක්‌ෂ කථිකයෙක්‌. දේශපාලන ප්‍රශ්න තිබුණත් අප අතරේ භේද නැහැ. ප්‍රාදේශීය සභාවේ වැඩවලට එජාපයේ අයත් අපට සහාය දෙයි.

සභාපති ප්‍රසන්න රණවීර මහතා කතා කරමින්, කැලණි ජනතාව තමා තුළ තබා තිබෙන දැඩි විශ්වාසය මත වැඩි මනාප සංඛ්‍යාවකින් තමා බලයට පත් කළ බවද අවංකව තමා සතු රාජකාරිය ජනතාව වෙනුවෙන් ඇපකැපවී ක්‍රියා කරන බවද පැවැසීය.

ප්‍රාදේශීය සභාවේ විපක්‌ෂ නායක සුමංගල සමරවීර මහතා කතා කරමින්, කැලණිය ප්‍රාදේශීය සභාව මේ ලැබූ ජයග්‍රහණය තුළින් සහ සතුට තුළින් අපේ අයිතීන් ලබා ගැනීමට සහයෝගයෙන් වැඩ කර ප්‍රදේශයේ ප්‍රශ්න විස¹ ගන්නා බවද කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.