බන්ධනාගාරවල සිටින "මත්ලෝලීන්"
පුනරුත්ථාපනයට මධ්‍යස්‌ථාන 8 ක්‌


චමින්ද සිල්වා

බන්ධනාගාරවල සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්‌ථාන 08 ක්‌ ස්‌ථාපනය කරන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා පැවැසීය.

මෙම මධ්‍යස්‌ථාන වාරියපොළ, වීරවිල, තල්දෙන සහ පල්ලෙකැලේ ඇතුළු තෝරාගත් ස්‌ථාන අටක ප්‍රතිකාර මධ්‍යස්‌ථාන මේ වනවිට ඉදිවෙමින් පවතින බව ඇමැතිවරයා කියා සිටියේ ඊයේ (31 වැනිදා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ 5,000 ක්‌ පමණ දෙනා බන්ධනාගාර ගතව සිටිති. ඒ අතර සිටින කාන්තාවන් 300 ක පමණ පිරිසට වාරියපොළ වැඩ කඳවුරේ වෙනම ප්‍රතිකාර මධ්‍යස්‌ථානයක්‌ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් ඒ. දිසානායක, බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් මේජර් ජෙනරාල් වී. ආර්. සිල්වා මහතා ඇතුළු නිලධාරීහු කිහිපදෙනෙක්‌ සහභාගි වී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.