යතුරුපැදි සම්බන්ධ නීතිය මෝපේඩ්" සඳහාද ක්‍රියාත්මකයි

චමින්ද සිල්වා

රථවාහන නඩු ලබා ගැනීමේදී යතුරුපැදි සම්බන්ධයෙන් බලවත්නා නීතිය අද (01 වැනිදා) සිට මෝපේඩ් වර්ගයේ යතුරු පැදි සඳහාද ක්‍රියාත්මක කෙරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී ප්‍රියශාන්ත ජයකොඩි මහතා පවසයි.

අද (01 වැනිදා) සිට මොපේඩ් යතුරු පැදි භාවිතා කරන්නන් වලංගු රක්‍ෂණ සහතිකයක්‌, යතුරු පැදි හෝ සැහැල්ලු යතුරු පැදි පැදJSමට වලංගු රියදුරු බලපත්‍රයක්‌, වංලගු ආදායම් බලපත්‍රයක්‌ සහ ආරක්‍ෂක හිස්‌වැසුමක්‌ තිබිය යුතුවා මෙන්ම යතුරු පැදිය ලියාපදිංචි කර තිබීම අනිවාර්ය විය යුත බවද කියාසිටී.

සියලුම වර්ගයේ මොපේඩ් යතුරු පැදි 2010 දෙසැම්බර් 31 වැනි දාට පෙර ලියාපදිංචි කළ යුතු බව මෝටර් රථ, ප්‍රවාහන කොමාසරිස්‌ දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කර තිබූ බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.