පළාත් පාලන නව පනතට අනුව
අය වැය පරාද වුණොත් සභාපති-නගරාධිපති ඉවතට
ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක කියයි

හොරණ -විධුර විජයනාථ

මින් ඉදිරියට ප්‍රාදේශීය සභාවක හෝ නගර සභාවක අයවැයක්‌ පරාජයට පත්වුවහොත් එම ආයතනවල සභාපතිවරුන්ට සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන රත්නසිරි වික්‍රමනායක මහතා පැවසීය.

පළාත් පාලන ආයතන සඳහා අලුතින් ගෙන එනු ලබන පනත මගින් මෙය ක්‍රියාත්මක වන බවද වික්‍රමනායක මහතා සඳහන් කළේය.

රත්නසිරි වික්‍රමනායක මහතා එම අදහස්‌ පළ කළේ හොරණ නගර සභාවට හා ප්‍රාදේශීය සභාවට පත්ව සිටි නවක මන්ත්‍රීවරු දිවුරුම් දීම නිමිත්තෙන් හොරණ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (31 වැනිදා) පැවැති උත්සව සභාවක්‌ අමතමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා මෙසේද කීවේය. ගෙන එන්නා වූ නව පනතින් සියලු දෙනාට කරදරයක්‌ වූ මනාප ක්‍රමයෙන් ඉවත් වී මැතිවරණ කොට්‌ඨාස ක්‍රමයට එනවා.

දැන් තිබෙන නීතිය අනුව අයවැයක්‌ පරාජය වුවත් සභාපතිවරුන් ඉවත් විය යුතු නැහැ. නමුත් අලුත් පනත අනුව වැඩ කිරීමටයි අපි අලුත් නීති ගෙන එන්නේ. මන්ත්‍රීවරුන්ට වැඩි බලයක්‌ ලැබෙනවා. තම ප්‍රදේශය පාලනය කිරීමට වගකීම් වැඩිවෙනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ කැපවීමත් වැඩිවිය යුතුයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.