මේ සතරකන් මන්ත්‍රනය කුමක්‌ද?

අද අප ආඩම්බරයෙන් කතා කරන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අභිමානයෙහි අභීත සෙන්පතියෝ ඔවුහු වෙති.

පිත්ත අරවින්දගේ අසිපත විය. මුරලිගේ පන්දුව පරාක්‍රමයක්‌ විය. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ලොව මතු මහත්තලයට රැගෙන ගිය 96 ලෝක කුසලාන අවසන් සටනේ වීරයා අරවින්ද විය. පිත්ත අත්හලද 2011 ලෝක කුසලානේද අරවින් ද වීරයකු වී සිටියි. ඒ "96" නැවත ලියන්නට ආසන්නයේ සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම තෝරාගත් දුරදක්‌නා ඥානය ඔහු වන බැවිනි. "මිලියන 20 ක ජනතාවකට වගකියන තෝරා ගැනීමක්‌ සිදු කළා" යෑයි 2011 ලෝක කුසලාන සංචිතය නම් කරමින් අරවින්ද කීවේය.

ඉදිරි වසර 4 ක කාලයක්‌ ලෝක ක්‍රිකට්‌ කිරුළට හිමිකම් කියන්නේ කවුරුන් වෙත්දැයි කීමට පැය 60 කටත් අඩු කාලයක්‌ තිබියදී මුම්බායිහි සිදුවන මේ සතර කන් මන්ත්‍රණය කුමක්‌ද? අරවින්ද මුරලිට මේ කියනුයේ 96 දී තමන් පිත්තෙන් කළ දෙය හෙට (2 වැනිදා) පන්දුවෙන් කරන ලෙසටද?

මිලියන 20 ක ජනතාවක්‌ වෙනුවෙන් කළ තෝරා ගැනීම කුසලානෙන් සනාථ කරන ලෙසද?

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.