රුබෙල්ලා එන්නතින් සිසුවිය
මිය යැමට හේතුව "ඇලජික්‌" වීමක්‌
විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසිංහ

දෙනගම ධම්මික රණවීර

රුබෙල්ලා එන්නත් කිරීමෙන් පසුව මාතර ශාන්ත තෝමස්‌ බාලිකා විද්‍යාලයේ පේශලා හංසනී (13) සිසුවිය අසාත්මික වී මියයැමට හේතුව එම රුබෙල්ලා එන්නතෙහි තිබූ එක්‌ සංඝටකයකින් එම සිසුවිය ඇලජික්‌ වීමෙන් යෑයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිශක්‌තිකරණ වැඩසටහනේ සහකාර වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසිංහ මහතා "දිවයිනZ" කළ විමසීමක දී පැවැසීය.

පසුගිය 2009 මාර්තු මස 20 වැනිදා එම සිසුවිය මියගොස්‌ ඇත. ඒ පිළිබඳ ඔස්‌ටේ්‍රලියාවේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයක දී සිදුකරන ලද පරීක්‍ෂණ වාර්තාවකින් එම නිගමනය තහවුරු කොට ඇත.

එමෙන්ම එය ඉතා කලාතුරකින් ම සිදුවිය හැකි මරණයක්‌ බවත් දශක 3 ක පමණ ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ සිදුකරන රුබෙල්ලා එන්නත් කිරීමෙන් පසුව එලෙස දැරියක්‌ මියගිය පළමු අවස්‌ථාව එය බවත් ඔහු පැවැසීය.

එම රුබෙල්ලා එන්නත් කිරීම තවදුරටත් සිදුකරනු ලබන බවත් ඒ පිළිබඳ බියවිය යුතු නැති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය. එවැනි හදිසි තත්ත්වයක දී ජීවිත රැක ගැනීම සඳහා එම එන්නත් කිරීමේ කණ්‌ඩායම් සූදානම් කොට ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.