වවුනියාවේ රිය අනතුරකින් මන්ත්‍රී රංගාගේ ආරක්‍ෂකයෙක්‌ මරුට

දිනසේන රතුගමගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ගමන් කළ වාහනය 30 දා සවස 5 ට පමණ වවුනියාව සෙට්‌ටිකුලම ප්‍රදේශයේදී අනතුරට ලක්‌වීමේ සිද්ධියෙන් මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂාවට සිටි පොලිස්‌ සැරයන්වරයකු මරුමුවට පත්වී තිබේ.

මෙම අනතුරින් රංගා මන්ත්‍රීවරයාද තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු මේ වන විට රෝහලෙන් පිටව ගොස්‌ තිබේ.

සෙට්‌ටිකුලම රෝහල අසලදී අධික වේගයෙන් මන්ත්‍රීවරයා රැගත් වාහනය ගමන් කළ විට යතුරුපැදිකරුවකු පාර හරහා යතුරුපැදිය ධාවනය කරවීම නිසා මන්ත්‍රීවරයාගේ රථය සෙට්‌ටිකුලම රෝහල් තාප්පයේ වැදී තිබේ. වාහනයට දැඩි හානි සිදු වී ඇති නමුත් මන්ත්‍රීවරයාගේ ඉල්ලීමක්‌ මත මෙම වාහනයේ ඡායාරූප ගැනීම පොලිසිය විසින් සියලු මාධ්‍යවේදීන්ට තහනම් කොට තිබේ.

මෙම අනතුරින් මරුමුවට පත් වී ඇත්තේ පො.සැ. (36759) පුෂ්පකුමාර නමැති අයෙකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.