කිඹුලා සමඟ පොර බදා ගොවියා දිවි රැකගනී

සීගිරිය - සරත් එරමිණිගම්මන

කිඹුලකු සමඟ පැය භාගයක පමණ කාලයක්‌ පොර බදා බරපතල තුවාල සහිතව තම දිවි බේරාගත් ගොවි මහතකු ඊයේ (31 වැනිදා) පස්‌වරුවේ දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ගල්කිරියාගම, දඹේවටවන පදිංචි 52 හැවිරිදි තිදරු පියකු වන ඒ. පී. විඡේරත්න යන අය මෙම අත්දැකීමට මුහුණපා ඇත.

තම ගොවිපළේ සේවය අවසන් කර ප.ව. 3.00 ට පමණ දඹුලු ඔය ජලාශයේ ජලය කලාවැව තෙක්‌ රැගෙන යන ඇළ මාර්ගයක දිය නෑමට ගොස්‌ ඇති අතර එහිදී එකවරම දිය යටින් මතුවූ කිඹුලා තම දකුණු පාදය කටින් අල්ලනවාත් සමඟ බිමට ඇද වැටුණු බවත්, දෑස්‌ නිලංකාර වෙද්දී ඇළ මාර්ගය අයිනේ තිබූ ගසක මුලක්‌ තදින් අල්ලා ගෙන කිඹුලා සමඟ පොර බැදූ බවත්, පසුව කිඹුලා ගොදුර අතහැර දියඹට ගිය බවත් ගොවි මහතා පවසයි.

ගොවි මහතාගේ කෑගැසීමත් සමඟ අසල ගොවිපළක සිටි පිරිසක්‌ තුවාලකරු ගල්කිරියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට මාරු කර හැර තිබේ.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහලේ වෛද්‍යවරු පවසති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.