දෙමළ භාෂා යතුරු පුවරුව සහිත
නොකියා දුරකථනය ජනාධිපති වෙත ප්‍රදානය කරයි



දෙමළ භාෂා යතුරු පුවරුව (කීපෑඩ්) සහිත නොකියා නවතම ජංගම දුරකථනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සොෆ්ට්‌ලොජික්‌ සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ අශෝක්‌ පතිරගේ මහතා විසින් පසුගියදා අරලියගහ මන්දිරයේදී ප්‍රදානය කෙරිණි.

මෙම ජංගම දුරකථනය උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි සොෆ්ට්‌ලොජික්‌ සමාගම විශ්වාස කරයි.

නව දුරකථනය අශෝක්‌ පතිරගේ මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ප්‍රදානය කිරීමෙන් පසු ජනාධිපතිවරයා එය පරීක්‍ෂා කරන අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ. මෙම අවස්‌ථාවට සහභාගි වූ සොෆ්ට්‌ලොජික්‌ සමාගමේ අධ්‍යක්‍ෂ සමන්ත රාජක්‍ෂ, ජාතික අලෙවි කළමනාකරු රජීව් ගුණරත්න යන මහත්වරුද ඡායාරූපයේ වෙති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.