වැලිබල් ෆිනෑන්ස්‌ ශාඛාවක්‌ රත්නපුරයට

මූල්‍ය ක්‍ෂේත්‍රයට පිවිස කෙටි කාලයක්‌ තුළදී දිගු ගමනක්‌ යන්නට සමත්වූ වැලිබල් ෆිනෑන්ස්‌, රත්නපුර නගරයට තම නවීනතම ශාඛාව එක්‌ කරනු ලැබූයේ එහි ජනතාවට පුළුල් මට්‌ටමේ මූල්‍ය පහසුකම් තුළින් ඵල ප්‍රයෝජනා ලබාගැනීමේ අවස්‌ථාව උදා කරමිනි. නව මුහුණුවරකින් මූල්‍ය ක්‍ෂේත්‍රයට පිවිස අතිශය සාර්ථකත්වයක්‌ හිමි කරගත් වැලිබල් ෆිනෑන්ස්‌හි ස්‌ථාවරත්වය හා ශක්‌තිය තවදුරටත් වර්ධනය කරමින් මෑතකදී ෆිච් රේටින් ලංකාහි ඉහළම මට්‌ටමේ ශේ්‍රණිගත කිරීමකට ලක්‌වූ අතර තරගකාරී මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ කාටත් ප්‍රවේශ විය හැකි නව තාලයේ මූල්‍ය සේවාවන් හඳුන්වාදීමෙහි මූලික අරමුණ අඛණ්‌ඩව පවත්වා ගනිමින් විශාල ජනතා ප්‍රසාදයක්‌ මැද නොසැලෙන චාරිකාවක නිරතව සිටී.

රට දැවැන්ත සංවර්ධනයක්‌ කරා ගමන් ගනිමින් පවතින වකවානුවක්‌ තුළදී තම උපරිම දායකත්වය ඒ වෙනුවෙන් ලබාදීම සඳහා රට පුරාම ව්‍යාප්ත ශාඛා පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමේ හා සංවර්ධනය කිරීමේ සැලසුමෙහි එක්‌ අදියරක්‌ ලෙසින් වැලිබල් ෆිනෑන්ස්‌ ඉතාමත් මෑතකදී තම ප්‍රධාන කාර්යාල පරිශ්‍රය කොළඹ 3 හි පිහිටි වැඩි ඉඩ පහසුකමින් හා නව තාක්‍ෂණයෙන් පිරිපුන් ගොඩනැඟිල්ලක්‌ වෙත රැගෙන ආවේය. මහනුවර, මිනුවන්ගොඩ, අලුත්ගම සහ මහරගම ශාඛා විවෘත කිරීමෙන් පසු ජනාකීර්ණ රත්නපුර නගරයෙහි නවතම ශාඛාවක්‌ ස්‌ථාපිත කිරීම වඩාත් සුදුසු බව සමාගමෙහි අදහස විය. ක්‍ෂේත්‍රය තුළ පවත්නා විවිධ ආකාරයේ අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද පසුගිය මූල්‍ය වර්ෂය තුළදී වත්කම්, ලාභ, ආදායම්, ස්‌ථාවර තැන්පතු ඇතුළු සියලු අංශයන්ගෙන් කැපී පෙනෙන වර්ධනයක්‌ ලබාගන්නට සමාගම සමත් වූයේ පුළුල් සංවර්ධන උපාය මාර්ගයන්හි සාර්ථකත්වය විදහා දක්‌වමිනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.