එටිසලාට්‌ ට්‍ර්‍රයිටෙල් රී ලෝඩ් දවසේ
පැය 24 පුරාම සතියේ දින 07 පුරාම


විශිෂ්ට පාරිභෝගික සේවය වෙනුවෙන් සැමදා කැපවී සිටින එටිසලාට්‌ සමාගම විසින් සිය පෙරගෙවුම් සබඳතා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී නව සේවාවක්‌ පසුගියදා හඳුන්වාදෙනු ලැබිණි. ට්‍රයිටෙල් සමාගම හා එක්‌ව දියත් කෙරුණු මෙම නවතම සේවාව යටතේ එටිසලාට්‌ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට දිවයින පුරා 1600 කට අධික ට්‍රයිටෙල් දුරකථන කුටි ඔස්‌සේ රෑ දවල් වෙනසකින් තොරව සිය එටිසලාට්‌ සබඳතාවය රී ලෝඩ් කර ගැනීමේ පහසුව මේ අනුව සැලසී ඇත. විශ්වවිද්‍යාල, රෝහල්, දුම්රිය ස්‌ථාන හා බස්‌ නැවතුම්පොළවල් වැනි ඕනෑම පොදු ස්‌ථානයක පිහිටි ට්‍රයිටෙල් දුරකථන කුටියකට කාසි ඇතුළත් කොට මෙම සේවාව ලබාගැනීමේ අවස්‌ථාව එටිසලාට්‌ පෙරගෙවුම් පාරිභෝගිකයන් හට හිමිවේ.

පාරිභෝගිකයන් හට අවම රුපියල් 20 ක වටිනාකමක සිට ඉහළම මෙම රී ලෝඩ් පහසුව ලබාගත හැකි අතර මේ හරහා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට එටිසලාට්‌ සමාගම අපේක්‍ෂා කරයි.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද රත්නායක මහතා පැවසුවේ "මෙම සබඳතාවය සමාගම හා පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම දීර්ඝ කාලීනව ඉතා වාසිදායකයි. සතියේ දින හතේම දවසේ පැය 24 පුරාම උපරිම පාරිභෝගික සේවාව සලසන මෙවන් සේවාවක්‌ පාරිභෝගිකයන් වෙත ලබාදෙන එකම සමාගම එටිසලාට්‌ සමාගමයි".

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වීමට එක්‌වූ ට්‍රයිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිහාල් රත්නායක මහතා පැවසුවේ එටිසලාට්‌ සමාගම හා එක්‌ව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෙවන් සේවාවක්‌ දියත් කිරීමට හැකිවීම පිළිබඳ තමන් සතුටට පත්වන බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.