Touchwood සමාගම කෘෂි වගා ක්‍ෂේත්‍රයටත් පිවිසේ



චන්න අබේගුණවර්ධන
අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරී
Touchwood Investments PLC

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක වාණිජ වන වගා ක්‍ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටින Touchwood Investments PLC සමාගමේ වගා කටයුතු තවදුරටත් පුළුල් කරමින් තම සමාගම කෘෂි වගා ක්‍ෂේත්‍රයටද නැඹුරු වී සිටින බව එම සමාගමේ අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරී චන්න අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

මේ අනුව පොල්, වී, ගම්මිරිස්‌, අන්නාසි වගාවන් සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇති බව පවසන අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ලෝකය ඉදිරියේදී මුහුණ දිය හැකි බව කියනු ලබන ආහාර අර්බුදයට විසඳුම් ලෙස හා රටේ ආර්ථිකය ශක්‌තිමත් කිරීම සඳහා තමන් හඳුනාගන්නා ලද විසඳුම් ලෙස මෙසේ කෘෂි වගා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ බවයි.

දැනටමත් මාදුරුඔය ප්‍රදේශයේ අක්‌කර 600 ක පොල් වගාව අරඹා ඇති අතර වී වගාව සඳහා ඉඩම් තෝරාගෙන ඇත. ගම්මිරිස්‌ සහ අන්නාසි වගාවන් දැනටමත් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන වන වගා බිම්වලද ස්‌ථාපිත කර තිබෙන නමුත් අතිරේක ඉඩම්වලද වගා කෙරේ.

Touchwood සමාගමේ ප්‍රධාන වාණිජ වැවිලි වන සඳුන්, මැහෝගනී, සහ වැනිලා යන භෝග අතරින් වැනිලා බෝගය මගින් සාර්ථකව අස්‌වනු නෙළීම අරඹා ඇති බව පවසන සමාගම ගම්මිරිස්‌ හා අන්නාසි වගාවන් සඳහා දැනටමත් තමන්ට හොඳ පසුබිමක්‌ සැකසී ඇති බවද පවසයි.

මේ සියලු වගාවන් සඳහා කාබනික පොහොර භාවිතයට යොදවන බවත් තමන්ගේ වගාවන් ස්‌වභාව දහමට බද්ධව එකම පරිසර පද්ධතියක්‌ සේ පවත්වාගෙන යැම තම දැක්‌ම බවත් චන්න අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.