අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සංචාරයක යෙදෙන
එළිසබත් රැජිනට විරෝධතා එල්ලවේ



අයර්ලන්තයේ ඩබ්ලින් නුවර නිල සංචාරයක්‌ සඳහා අද (17 දා) පැමිණෙන බ්‍රිතාන්‍යයේ මහරැජිනගේ ආරක්‍ෂාව සඳහා පොලිස්‌ භටයන් 8000 ක්‌ හා හමුදා භටයන් 2000 ක්‌ යොදවා ඇත.

මහරැජිනගේ අයර්ලන්ත සංචාරය කෙරේ ඩබ්ලින් නුවර විරෝධතා පැවැත්වීමට සැලැසුම් කර ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසියට වාර්තා වී තිබිණි.

බ්‍රිතාන්‍ය රැජින සමග බ්‍රිතාන්‍ය පොලිසිය ඩබ්ලින් නගරයට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන බව රියල් අයි.ආර්.ඒ. සංවිධානය විසින් තර්ජනය කර ඇත.

රියල් අයි.ආර්.ඒ. සංවිධානය විසින් ඩබ්ලින් නුවර තාප්පවල රැජිනට එරෙහිව විරෝධතා පාඨ ලියා ඇතැයි අනාවරණය වේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.