තාලිබාන් සංවිධානයට අරමුදල් ලබාදීම ගැන
ඇමරිකාවේ ෆ්ලොරිඩා මුස්‌ලිම් පල්ලියේ
පූජකයා සහ පුතුන් දෙදෙනා අත්අඩංගුවට



පාකිස්‌තාන් තාලිබාන්වරුන්ට මූල්‍ය ආධාර සැපයීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා මුස්‌ලිම් දේවස්‌ථානයේ ප්‍රධාන පූජකයා සහ ඔහුගේ පුතුන් දෙදෙනාව ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වසර තුනක්‌ තිස්‌සේ කරනු ලැබූ විමර්ශනවලින් පසු මොවුන් අත්අඩංගුවට ගත් බව එෆ්.බී.අයි. නිලධාරීහු පැවැසූහ.

මෙම පිරිස පාකිස්‌තානයේ ස්‌වාමි ප්‍රාන්තයේ තාලිබාන් පාසලකට අරමුදල් සපයා ඇතැයි විමර්ශනවලින් හෙළිවී ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.