බින් ලාඩන්ගේ සිරුර මුහුදට දැමූ
කාල් වින්සන් නැවේ කාර්යමණ්‌ඩලයට
බින් ලාඩන් ගැන කතා කිරීම තහනම්


අල්කයිඩා නායක බින් ලාඩන්ගේ සිරුර මුහුදට දැමීමට ක්‍රියා කළ ටොන් 70,000 ක්‌ බරැති කාල් වින්සන් නමැති ගුවන් යානා ගෙන යන දැවැන්ත නෞකාව වෙත ඇමරිකානු බලධාරීන් විසින් මාධ්‍ය කණ්‌ඩායමක්‌ ගෙන ගොස්‌ එම නැවේ ක්‍රියාකාරීත්වය පෙන්නුම් කර ඇත.

එහෙත් මෙම නැවේ නිලධාරීන්ගෙන් හා නැවියන්ගෙන් බින් ලාඩන් ගැන ප්‍රශ්න කිරීම තහනම් කර තිබේ.

පිලිපීන ජනාධිපති අකිනෝ ඇතුළු නිලධාරීන් ද මේ සංචාරයට එක්‌වී ඇත. කාල් වින්සන් නැවේ කිසි කෙනකුට බින් ලාඩන් ගැන පැවැසීම තහනම් කර තිබුණා යෑයි තානාපති ප්‍රකාශිකා මැසෙන්ජියා පැවැසුවාය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.