ගඩාෆිට දිගටම බෝම්බ දැමිය යුතු යෑයි
බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා පවසයි


ලිබියාවේ නායක කර්නල් ගඩාෆිට තව තවත් බෝම්බ ප්‍රහාර එල්ල කළ යුතු යෑයි බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියකු වූ ඩේවිඩ් රිචඩ්ස්‌ පවසයි.

ලිබියානු නායකයා ළමා ක්‍රීඩාපිටියක්‌ යට සාදා ඇති බංකරයක සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම හෙළි කර තිබේ.

මේ වන විට නේටෝ බළකාය විසින් ලිබියාවේ හමුදා ගොඩනැඟිලි 149 ක්‌, අවි ගබඩා 24 ක්‌ හා යුද රථ 20 ක්‌ විනාශ කර ඇතැයි හෙතෙම පවසා ඇත.

මේ අතර බ්‍රිගා නගරයට එල්ලවූ නේටෝ බෝම්බ ප්‍රහාරයකින් ඉස්‌ලාමීය ආගමික නායකයන් 11 ක්‌ මියගොස්‌ ඇතැයි වාර්තාවේ.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.