උතුරේ දිස්‌ත්‍රික්‌ක 3 ක සෞඛ්‍ය සේවා
ආයතන 75 ක්‌ පිහිටුවයි



අජිත් අලහකෝන්

දැනට පවත්වාගෙන යන රෝහල් වලට අමතරව මුලතිව්, කිලිනොච්චි සහ වවුනියා දිස්‌ත්‍රික්‌කවල සෞඛ්‍ය සේවා ආයතන හැත්තෑපහක්‌ (75) ස්‌ථාපිත කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.මෙම සෞඛ්‍ය සේවා ආයතන හැත්තෑ පහ ඉදිකිරීම සඳහා රුපියල් කෝටි විස්‌සක්‌ වැය වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ ''දිවයින'' ට ප්‍රකාශ කළේය.

යුද ගැටුම් පැවති මෙම දිස්‌ත්‍රික්‌කවල දැනට තිබෙන රෝහල් සංවර්ධනය කිරීමට අමතරව මෙම සෞඛ්‍ය සේවා ආයතන ඉදිකෙරෙන අතර එම රෝහල්වලද සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ඉහත නිලධාරීයා පැවසුවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.