අවුරුදු 60 ට වැඩි අය දිගටම සේවයේ
උ/නැ අධ්‍යාපන පරිපාලනයේ සුදුස්‌සෝ කලකිරීමෙන්



නිලන්ත මදුරාවල

උතුරු හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සිටියදී වයස අවුරුදු හැට ඉක්‌මවූ නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරුවල තවදුරටත් රඳවා ගැනීම නිසා සුදුසුකම් ඇති නිලධාරීහු දැඩි කලකිරීමට පත්ව සිටිති.

වයස අවුරුදු හැට ඉක්‌මවූ නිලධාරීන් මෙම දෙපළාතේම අතිරේක පළාත් අධ්‍යක්‍ෂ, කලාප අධ්‍යක්‍ෂ වැනි ඉහළ තනතුරු දරන්නේ කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතියකින් තොරව යෑයි ලංකා ගුරු සංගමයද පවසයි. අධ්‍යාපන පරිපාලන සේවය දීපව්‍යාප්ත සේවාවක්‌ වන හෙයින් එම සේවයේ තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් යෙදවීමට කැබිනට්‌ අනුමැතිය අවශ්‍ය යෑයි එම සංගමය සඳහන් කරයි.

පවතින පුරප්පාඩු ගැසට්‌ කර සුදුසුකම් ඇති නිලධාරීන් පත් කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ ඇයිද යන්න ගැටලුවක්‌ යෑයි සුදුසුකම් ඇති නිලධාරීහු ද පවසති.

මේ වන විට කොන්ත්‍රාත් පදනම මත තනතුරු දරන ඇතැම් නිලධාරීහු අවුරුදු 63 ද ඉක්‌මවමින් සිටිති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.