කතකට අතවර කිරීමට තැත්කළැයි චෝදනා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා රිමාන්ඩ්



හෝටල් සේවිකාවකට අතවර කිරීමට උත්සාහ දැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ඩොමිනික්‌ ස්‌ට්‍රාවොස්‌ට ඇප දීම ප්‍රතික්‍ෂේප කර ඇති නිව්යෝර්ක්‌ නුවර අධිකරණයක්‌ ඔහු රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

නිව්යෝර්ක්‌ නුවර හෝටලයක සේවිකාවකට අතවර කිරීමට උත්සාහ දැරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ නිව්යෝර්ක්‌ නුවර සිට ප්‍රංශය බලා යැමට මොහොතකට පෙරය.

ස්‌ට්‍රාවොස්‌ට ඇප දීම ප්‍රතික්‍ෂේප කර ඇති අධිකරණය ඔහු රිකර්ස්‌ දිවයිනේ පිහිටි බන්ධානාගාරයට යවා ඇත.

දරුවන් සිව්දෙනකුගේ පියකු වන හෙතෙම ප්‍රංශ ජාතිකයෙකි. ප්‍රංශයේ ඉදිරි ජනාධිපතිවරණයට ස්‌ට්‍රාවොස්‌ ඉදිරිපත් වීමට නියමිත යෑයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.