කිළිනොච්චි නගරයත්
වෙසක්‌ සිරියෙන් බැබළෙයි



නෝමන් පලිහවඩන


කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් උපන් ගම වශයෙන් සැලකූ කිළිනොච්චිය ඊයේ වෙසක්‌ සිරියෙන් බැබළුණු අතර කිළිනොච්චිය පොලිසිය අසල සිට පළාත් කීපයක පැවැත්වූ සිසිල්පැන් දන්සල් සහ බත් දන්සල්වලට ද්‍රවිඩ ජාතිකයෝ විශාල සංඛ්‍යාවක්‌ වැල නොකැඩී පැමිණීමට පටන් ගත්හ. කොටි සංවිධානයේ ප්‍රහාරවලින් කිළිනොච්චිය මුළුමනින් ම විනාශ වීමෙන් පසු වෙසක්‌ උළෙලත් සමඟ මේ ආකාරයෙන් ඊට සම්බන්ධ වීමට හැකි වීම විශාල සතුටක්‌ බව ද එම වැසියෝ පවසති.මෙම ද්‍රවිඩ ජනතාව කිළිනොච්චිය ලුම්බිණි පන්සල තුළ පැවැත්වූ ශීල ව්‍යාපාරවලට පවා මල් සපයා දීමට හමුදාවට සහ පොලිසියට සහාය දුන්හ.

මේ අතර යාපනය නගරයේ පැවැති දන්සල්වල ද ද්‍රවිඩ ජනතාව විශාල ලෙස පෝළිම්වල රැඳී සිටිනු දක්‌නට ලැබිණි.

මෙම දන්සල් හමුදාව සහ පොලිසිය මගින් සංවිධානය කර තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.