රාජ්‍ය විරෝධී ලිපිද්‍රව්‍ය කන්ටේනරයක්‌
කොළඹ වරායෙන් අල්ලයි



ලසිත දුමින්ද


රාජ්‍ය විරෝධී පුවත්පත් සඟරා ඇතුළු ලිපි ද්‍රව්‍ය සහිත කන්ටේනරයක්‌ පෙරේදා (16 වැනිදා) රාත්‍රි කොළඹ වරාය ආරක්‍ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාත්‍යන්තර දෙමළ ඩයස්‌පෝරාව මගින් මෙම එල්. ටී. ටී. ඊ. හිතවාදී සහ රාජ්‍ය විරෝධී පුවත්පත් සඟරා ඇතුළු ලිපි ද්‍රව්‍ය කන්ටේනරයට ප්‍රතිනැව්ගත කරන්නට ඇතැයි සැකකෙරේ. මේවා කුමන රටකින් කවුරුන් නැව්ගත කරන්නට ඇතැයිද මෙතෙක්‌ හෙළිවී නොමැත.

මෙම කන්ටේනරය ව්‍යාජ නමකින් ප්‍රතිනැව්ගත කර ඇතැයි වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

වරාය ආරක්‍ෂක අංශය අදාළ කන්ටේනරය ගැන සැකසිතී කළ පරීක්‍ෂාවකදී මෙම රාජ්‍ය විරෝධී සඟරා පුවත්පත් ඇතුළු ලිපි තොගය සොයාගෙන තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.