මඩකලපුවේ මිනිස්‌ ඝාතන දෙකකට
නැගෙනහිර පළාත් මන්ත්‍රී සැකපිට !



සමන් ගමගේ

ඉකුත් දිනවල මඩකලපුව ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් කුමාර් මහතා පෙරේදා (16 දා) මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රදීප් කුමාර් නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සමීපතම සගයකුද වේ.

ඉකුත් දිනවල නාඳුනන තුවක්‌කුකරුවන් විසින් මඩකලපුව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කළ අතර ඉන් එක්‌ පුද්ගලයකු ආබාධිතයෙකි.

එම ඝාතන සම්බන්ධයෙන් සැකපිට පොලිසිය මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අත්අඩංගුවට ගැනීම නීති විරෝධීව පොලිසිය සිදුකළ හිතුවක්‌කාරී වැඩක්‌ බවට ඒ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් නැගෙනහිර ප්‍රධාන ඇමැති පිල්ලෙයාන් ප්‍රකාශ කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.