අතුරුදන් වූ අයගේ තොරතුරු
ඉල්ලා ත්‍රීමලේ උද්ඝෝෂණ


පසුගිය කාලයේදී ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ අතුරුදන් වූ තරුණයන්ගේ තොරතුරු ඉක්‌මනින් ලබා දෙන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක්‌ අපි ශ්‍රී ලංකා සංවිධානය මගින් ඉකුත් දා පවත්වන ලදී.

ත්‍රිකුණාමලය පොදු බස්‌ නැවතුම් පොළ ඉදිරිපිට පැවැති මෙම උද්ඝෝෂණය සඳහා අතුරුදන් වූ තරුණයන්ගේ දෙමව්පියෝ සිය දෙනකු පමණ සහභාගි වූ අතර ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත විඡේසේකර පළාත් සභා මන්ත්‍රි නිමල් පියතිස්‌ස සහ අපි ශ්‍රී ලංකා සංවිධානයේ උදුල් ප්‍රේමරත්න යන අය ඊට සහභාගි වූ අයුරු ඡායාරූපයේ වේ

ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.