දළදා මැඳුර හා සිව් දේවාල
බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙයි



සිරිල් විමලසුරේන්ද්‍ර


මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ සිව් දේවාලයන් ඇතුළු පූජනීය පෙදෙස ඊයේ (17 වැනිදා) ශ්‍රී සම්බුද්ධත්ව වෙසක්‌ පෝදා උපාසක උපාසිකාවන්ගෙන් හා බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගොස්‌ තිබිණි.

දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පිවිසි බැතිමතුන් සියලු දෙනාටම විශේෂ පහසුකම් සලසා තිබිණි.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් වෙනුවෙන් මහනුවර මහ නගර සභාවත් දුම්බර සිංහ සමාජයත් ඒකාබද්ධව නෙළුම් මල් ලක්‍ෂයක්‌ ප්‍රදානය කිරීමේ මල් දන්සල මහනුවර පුරපති රාජා පුෂ්පකුමාර මහතාගේ උපදේශකත්වයෙන් මහා වාහල්කඩ අසලදී පැවැත්විණි. මහනුවර තරුණ බෞද්ධ සංගමයේ මූලස්‌ථානයේ දී දහසක්‌ පමණ උපාසක උපාසිකාවෝ අට සිල් සමාදන් වූහ.

මහනුවර බෝගම්බර සහ රජවීදියේ බන්ධනාගාරයන්හිදී ආගමික වැඩසටහන් රැසක්‌ සංවිධානය කර තිබිණි.

මහනුවර පේරාදෙනිය පාරේ ටෙලිපික්‌ස්‌ මාධ්‍ය ආයතනය සංවිධානය කළ අවුල්පත් දන්සල මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් ඊයේ පෙරවරුවේ විවෘත විය.

මහනුවර ටොරින්ටන් මාවතේ සහ ජෝර්ඡ් ඊ. ද සිල්වා මාවතේ ප්‍රිම්රෝස්‌ උයන මංසන්ධියේ ද වෙසක්‌ තොරණ ප්‍රදර්ශනය කරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.