මඩකලපුව වෙසක්‌ කලාපය
ද්‍රවිඩ ජනතාවගෙන් පිරේ


නෝමන් පලිහවඩන


මඩකලපුව සහ ඒ අපට පළාත් සඳහා ආරම්භ කර ඇති වෙසක්‌ කලාපය වෙනුවෙන් මඩකලපුව ඈත ගම්මානවලින් ද්‍රවිඩ ජාතිකයන් ලක්‍ෂයකට ආසන්න පිරිසක්‌ පැමිණෙන්නට පටන්ගෙන ඇතැයි මඩකලපුව පොලිසියේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක රංජිත් වනරාජා මහතා පැවසීය.

මේ අනුව මෙම පිරිස සඳහා මඩකලපුව පොලිසිය මැදිහත් වී දින හතක බත් දන්සලක්‌ ද ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

කරදියනාරු - උන්නිච්චි වව්නතිව්, ආයිත්තමලේ, ඉලුප්පඩිවේනි, පොතුවිල්, සතුරුකොණ්‌ඩාන් ඇතුළු ඈත ගම්මානවලින් මෙම පිරිස ට්‍රැක්‌ටර්, වෑන් හා බස්‌රථවලින් මෙසේ මඩකලපුව නගරයට පැමිණෙන්නට පටන්ගෙන ඇත.

මෙම මහා දන්සල සඳහා ද්‍රවිඩ ව්‍යාපාරිකයන් කීපදෙනකුම පොලිසියට සහාය ලබාදී ඇති අතර කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සිංහල ව්‍යාපාරිකයන් දෙතුන් දෙනකුගෙන්ද මඩකලපුව පොලිසිය ආධාර ඉල්ලා ඇතත් ඔවුන්ගේ සහාය ලැබී නැතැයි පොලිසිය කියයි.

මඩකලපුව ජයන්ති විහාරයේ සහ මංගලාරාමයේත් ඊයේ ශීල ව්‍යාපාර පැවැත්විණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.