අනුරාධපුර සිර ගෙදරින් රැඳවියෝ 100 ක්‌ නිදහස ලබති


වෙසක්‌ උත්සවය වෙනුවෙන් පොදු සමාව ලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ කාන්තාවන් සිව්දෙනකු ඇතුළු රැඳවියෝ සියයක්‌ (100) නිදහස ලබා වෙසක්‌ දවසේ (17දා) පිටව ගියහ.

මොවුන් සුළු වැරැදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවාගත නොහැකිව සිටි පිරිස බැව් පැවැසේ.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ටී. ඩබ්ලිව්. එල්. චන්ද්‍රසිරි සහ ප්‍රධාන ඡේලර් යූ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම රැඳවියෝ නිදහස ලබා පිටව ගියහ.

අනුරාධපුර - සිරිල් බස්‌නායක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.