ශ්‍රී ලංකාවට එරෙහි විදෙස්‌ බලවේග තවමත්
ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙනවා
මහ ඇමැති සරත් ඒකනායක


මධ්‍යම පළාත් සභාව

කුණ්‌ඩසාලේ - ජයවීර බණ්‌ඩාර අතපත්තු

තිස්‌ වසරක්‌ පුරා ශ්‍රී ලංකාවේ පැවැති බෙදුම්වාදී එල්ටීටීඊ ත්‍රස්‌තවාදය මුළුමනින්ම තුරන්කොට අප රට එක්‌ සේසත් කරමින් සියලු ජන වර්ගවලට අයත් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ජීවිතය හා අනාගතය සුරක්‍ෂිත කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ රණවිරුවන් දිවි හිමියෙන් කටයුතු කළාය. නමුත් දෙමළ ඩයස්‌පෝරාව නමැති එල්ටීටීඊ හිතවාදී ජාත්‍යන්තර බලවේග තවමත් මෙරට තුළත් විශේෂයෙන් ජාත්‍යන්තරවත් ගෙන එන සාවද්‍ය ප්‍රචාරයන් හා ඉටුකරන ලබන ඇතැම් ක්‍රියාකාරකම් අප රටට මහත් කැළලක්‌.

ඒ. ජී. සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් ඉකුත් 19 වැනි දින රැස්‌වූ පළාත් සභාවට මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතා ඉහත සඳහන් යෝජනාව සභාවට ඉදිරිපත් කළේය.

මුලදී විපක්‍ෂය මෙම යෝජනාව නොගන්නා ලෙස ඉල්ලා සිටියද පැය බාගයක්‌ සභාව කල් තැබීමෙන් අනතුරුව රැස්‌වූ විට විපක්‍ෂයද මෙම යෝජනාවට සහයෝගය දෙන්නට එකඟත්වය පළ කර සිටියහ.

මෙහිදී තවදුරටත් තම යෝජනාව විස්‌තර කරමින් ඒකනායක මහතා මෙසේද පැවැසීයථ

බෑන් කී මූන් විසින් පත් කිරීමට යෝජිත කමිටුව වහා නවත්වන්නට අපි එකාමෙන් නැගී සිට ඉල්ලා සිටිමු. මේක අපේ රණවිරුවන්ට කරන නින්දාවක්‌. ඇමරිකාව ඉරානය විනාශ කළා. රුසියාවත් විනාශ කළා. දැන් අප රටටත් විනකරනවා. මේක දේශපාලන ප්‍රශ්නයක්‌ නොවේ. මධ්‍යම පළාත් සභාව බෑන් කී මූන් ගේ මේ කමිටුව පත් කිරීමට එක හෙළා විරුද්ධවී වීදි බහිමු. යුද අපරාධ චෝදනාවලට ශ්‍රී ලංකාවට විතරයිද ඇඟිලි දිගු කරමින් ලිබියාවට බෝම්බ දානවා. ඒවා යුද අපරාධ නොවේද? එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මේ නැටුමක්‌ නටන්ටයි එන්නේ. අපි යුතු කමක්‌ හැටියට මෙයට විරුද්ධව එකාමෙන් නැඟී සිටිමු.

1948 නිදහස්‌ සටනට ඩී. එස්‌., එµa. ආර්. සේනානායක වැනි අය සමග පොන්නම්බලම් රාමනාදන් වැනි අය භේදයකින් තොරව එක්‌ වුණා.

දරමිටියක්‌ කඩන්ට බෑ එක කෝටුවක්‌ කැඩිය හැකියි. මේ අනුව අප එක්‌විය යුතුයි. කළු වළාකුලක්‌ රටට එනවා. අපිට චෝදනා ඉදිරිපත් කිරීම ගැන විරුද්ධ විය යුතුයි. ඊශ්‍රායලය කළ යුද අපරාධ මොහුට පෙනුනේ නෑ.

ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය (එජාප)(- ඉතා අවශ්‍ය වේලාවකයි මේ යෝජනාව ගෙනවිත් ඇත්තේ. රට ජාතිය වෙනුවෙන් නැගී සිටීම, සියලු දෙනාගේම යුතුකමක්‌.

එල්ටීටීඊ විසින් අහිංසකයන් පළිහක්‌ කරගෙනයි හිටියේ. රනිල් වික්‍රමසිංහ මහතාට කොළ කොටිය කියා ඇතමුන් කීවා. විපක්‍ෂ නායකතුමා හැදුවේ රට ගොඩගැනීමටයි. දේශපාලකයින් බොහෝ පිරිසක්‌ තම ජිවිත පූජා කළා මේ යුද්ධයේදී ලසන්ත වික්‍රමසිංහලා දිවි පිදුවා, එක්‌නැලිගොඩ එනකල් දරුවන් බලා ඉන්නවා.

යුද්ධය දිනා නිදහසේ ජීවත් වීමට ජනතාවක්‌ හැටියට අප සියලු දෙනාම එක්‌විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට අප ගරු කළ යුතුයි. ඉදිරියේදී අපි කෙසේ කටයුතු කළ යුතු දැයි බුද්ධිමත්ව සිතියි යුතුයි.

ජයරත්න දිසානායක (එජනිස) මහතා(- අප රටේ නායකයින් ගැන රට පිළිබඳව වැරදි මතයක්‌ දියත් කිරීමටයි මූන්ගේ උපදේශක කමිටුව උත්සාහ කරන්නේ.

පරදේශකයින්ගෙන් නිදහස ලැබූ රටේ වසර 30 ක ත්‍රස්‌තවාදීන් ආර්ථිකය විනාශ කළා. ලෝක රටවල් බෑ කී ත්‍රස්‌තවාදය අප නැති කළා. කොටි ත්‍රස්‌තවාදීන් කළ මානව හිමිකම් කඩ කිරීම් බෑන් කී මූන්ට අමතක වෙලා.

සංජීව කවිරත්න (එජාප) මහතා(- එක්‌සත් ජාතීන්ගේ නීති පද්ධතිය අනුව බෑන් කී මූන්ට තබා මොන මූන්ටවත් හනිමූන්ටත් මානව හිමිකම් සෙවීමට බැහැ. නිදහස ලබා සිටින රටක සරත් ෙµdන්සේකා වැනි රණවිරුවන් නිදහස්‌ කළ යුතුයි. ඔවුන්ට කමිටු පත්කිරීමේ අයිතියක්‌ නෑ.

රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේ ලෝක යුද අපරාධ ගැන සෙවීමේ ගිවිසුමට අත්සන් කළේ නෑ. 13 වැනි හා 17 වැනි සංශෝධනය නොගෙනීමත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස්‌ මැතිවරණ නොපැවැත්වීමත්, පුවත්පත් නිදහස නොතිබීමත් යම් හේතුවක්‌ වීමටත් ඉඩ ඇත.

කෙසේ වෙතත් මහ ඇමැතිතුමා ප්‍රකාශ කළ පරිදි පාරට බැස්‌සොත් අපත් පක්‍ෂයක්‌ හැටියට එතුමා සමඟ පාරට බහින්ට සූදානම්. කෙසේ වෙතත් සරත් ෙµdන්සේකා වැනි යුද නායකයකු අඳුරු කුටියක සිරකර තැබීම අවැඩක්‌.

මහින්ද අබේකෝන් (එජනිස) මහතා(- මේ සුවිශේෂ අවස්‌ථාවේ මේ ප්‍රශ්නය ගැන කතා කිරීමට ලැබීම සතුටක්‌.

එම්. මර්ජාන් මහතා (එජාප)(- මේ යෝජනාවට මුළු රටේම මුස්‌ලිම් ජනතාවම සහාය දෙනවා.

ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය අද ලිබියාවට ගහනවා. ඉරාකය විනාශ කළා. නමුත් ලෙබනනයට විරුද්ධ වෙන්නෙ නෑ. මෙහිදී තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ අදහස්‌ ප්‍රකාශ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.