වතුකර ජනතාවගෙන්
ජනපතිට සංදේශයක්‌



නිමල් බණ්‌ඩාර හේරත් - දොළොස්‌බාගේ

වතු ක්‍ෂේත්‍රයේ ජීවත්වන ජනතාවට බලපාන කරුණු දෙකක්‌ මුල් කරගෙන අත්සන් ලක්‍ෂයකින් යුත් සංදේශයක්‌ ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. එහි අඩංගු කරුණු අතර යම් පළාත් පාලන ආයතන සීමාව තුළ ජීවත්වන වතුකර ජනතාවට එම සීමාව තුළ ජීවත් වන අනෙකුත් සෑම ජන කොටසටම සමාන වූ ආකාරයට පළාත් පාලන ආයතනයන්ගේ සේවාවන් ව්‍යාප්ත කිරීම සහතික කිරීම සඳහා ප්‍රාදේශීය සභා පනතේ 33 වන වගන්තිය සංශෝධනය කිරීම, සියලුම වතු සහ වතු කොටස්‌ රටේ සෙසු ප්‍රදේශවල පවතින වාතාවරණය යටතේ "ගම්" වශයෙන් ප්‍රකාශ කොට ග්‍රාම සේවා වසම් පිහිටුවීම තුළින් යෝජිත කොට්‌ඨාස ක්‍රමය යටතේ වතුකරයේ ජනතාවට ප්‍රමාණවත් නියෝජනය ලැබීම සහ රාජ්‍ය සේවාවන් වතුකරයේ ජනතාව වෙත පහසුවෙන් ලැබීම සහතික කරන ලෙස ඉල්ලා සිටීම මෙම යෝජනාවලට ඇතුළත්ය.

පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත් කිරීමේදී වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගන්නා අතර මධ්‍යම රජය හරහා කිසිදු සේවාවන් ලබාදීමක්‌ සිදුනොවන නිසා මෙම සංදේශය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව වතු සමාජ සංසදයේ වැඩසටහන් සම්බන්ධීකාරක චන්ද්‍ර මොහාන් මහතා ''දිවයින''ට පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.