ජංගම දුරකථන මගින් අසභ්‍ය
ඡායාරූප ගැනීම වැඩි වෙලා


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ


ජංගම දුරකථන කැමරා මගින් තරුණියන්ගේ ඡායාරූප ගැනීමට තරුණයන් පෙළැඹී ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

බස්‌නැවතුම්පළවල අඩනිරුවතින් ගමන් ගන්නා තරුණියන්ගේ ද, කාමුක හැඟීම් දනවන ලෙස ඇඳුම් පැළඳුම් ඇඳගෙන නගරයේ සැරිසරන තරුණියන්ගේද ඡායාරූප ගැනීමට මේ තරුණ පිරිස්‌ පෙලඹී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

කළුතර දකුණ පොලිසිය විසින් ගතවූ දින කීපය තුළදී අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථන ළඟ තබා ගෙන සිටි තරුණයන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

කළුතර නගරයේ අසභ්‍ය වීඩියෝ පට ළඟ තබා ගෙන සිටි ව්‍යාපාරිකයන් පිරිසක්‌ ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.