සබරගමුව විශ්වවිද්‍යාලයෙන් සුළං බලයෙන්
විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක්‌



රත්නපුර අතිරේක - යූ. අසිත ඉන්දික වීරවර්ධන

සබරගමුව විශ්වවිද්‍යාලය මගින් සුළං බලයෙන් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක්‌ ඇරැඹීමට කටයුතු සැලසුම් කර ඇතැයි උප කුලපති මහාචාර්ය මහින්ද එස්‌. රූපසිංහ මහතා පැවසීය.

මෙහි කටයුතු වසර 2 ක්‌ ඇතුළත අවසන් කිරීමට නියමිතය. එහි පරීක්‍ෂණ කුළුණ මුත්තෙට්‌ටුවගම දියවර ගම්මානයේ ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

මේ ව්‍යාපෘතිය සඳහා විදුලි බල හා බලශක්‌ති අමාත්‍යාංශය අනුග්‍රහය සපයයි. ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘතිය මගින් විශ්වවිද්‍යාලයේ අවශ්‍යතා සපුරා ගැනීමට අපේක්‍ෂා කරන බව උප කුලපතිවරයා වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.