කැනඩාවට පැන්න කොටි නායකයා
සඟවා තිබූ ආයුධ සොයා ගනී



කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ සහ ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි

නිලාවැලි වාට්‌ටු 18 කණුව අසල නිවසක ගෙවත්තක්‌ තුළ වළදමා තිබූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හිටපු කොටි ත්‍රස්‌තවාදී නායකයකු වන මුත්තු නමැත්තා විසින් සඟවා තබන්නට ඇතැයි සැක කරන අවි ආයුධ තොගයක්‌ කන්තලේ මූලස්‌ථාන පොලිසියේ හා ත්‍රිකුණාමලය මූලස්‌ථාන පොලිසියේ පොලිස්‌ විශේෂ කාර්යාංශ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

කන්තලේ මූලස්‌ථාන පොලිසියේ හිටපු පොලිස්‌ බුද්ධි අංශ නිලධාරියකුට ලද තොරතුරක්‌ මත මෙම උපකරණ සොයාගෙන ඇත. නවීනතම වර්ගයේ පිල්ටර් ගමන් කථන 2 යි, අත්බෝම්බ 2 යි, පිස්‌තෝල මැගසින් 4 යි, ගිනි අවි පිරිසිදු කිරීමේ උපකරණ 2 ක්‌ මෙසේ සොයාගෙන ඇති අවිආයුධ අතර වේ. මුත්තු නමැත්තා දැනට දිවයිනෙන් බැහැරව කැනඩාව සිය වාසස්‌ථානය කොට ගෙන ජීවත්වන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.